අර්ජුන මහේන්ද්‍රන් ඇමති රවී සමග මාධ්‍ය හමුවක. “I am a humble person“ යැයි කියයි

    May, 29, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා මේ පිළිබඳව තමාට අදහස් දැක්විය නොහැකි බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට කෝප් කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සාධාරණත්වය පිළිබඳ අවසාන තීන්දු ගැනීමේ ආයතන වන්නේ මේවා බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙහිදී පැවසීය.

    මේ නිසා, තමාට මේ පිළිබඳව අදහස් දැක්විය නොහැකියැයි මහේන්ද්‍රන් මහතා සඳහන් කළේය.