October, 21, 2025
2025 මුල් භාගය අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදුකර ඇති සමස්ත ආයෝජනයන්ගෙන් රු. බිලියන 73.97 ක උපලබ්ධි නොවූ ලාභයක් වාර්තා කර ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
මෙය අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන වටිනාකම මෙන් 86.13%ක ලාභයක් වේ.
සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් 64ක රු. බිලියන 85.88ක ආයෝජනයක් කර ඇති අතර 2025 ජූනි 30 වන විට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 159.85ක් දක්වා ඉහළ ගොස් ඇති බව අදාළ වාර්තාවන් හි සටහන්ව ඇත.
මෙහිදී සමාගම් රැසකම කර ඇති ආයෝජනයන්ගෙන් ලද උපලබ්ධි නොවූ ලාභය රු. බිලියනය සීමාව ඉක්මවා තිබීම විශේෂත්වයකි.
එම සමාගම් ලැයිස්තුව පහතින් දැක්වේ.
ACL Cables PLC - රු. බි. 1.61
Aitken Spence PLC - රු.බි. 1
Cargills (Ceylon) PLC - රු.බි. 3.52
Central Finance Company PLC - රු.බි. 3.44
CIC Holdings PLC - Voting - රු.බි. 2.66
Commercial Bank of Ceylon PLC - රු.බි. 7.05
CT Holdings PLC - රු.බි. 3.13
Dialog Axiata PLC - රු. බි. 2.27
Dipped Products PLC - රු.බි. 1.34
Hatton National Bank PLC - රු. බි. 7.59
LOLC Holdings PLC - රු. බි. 7.07
National Development Bank PLC - රු. බි. 1.38
PGP Glass Ceylon PLC - රු.බි. 4.12
Richard Pieris & Company PLC - රු.බි. 2.44
Royal Ceramics Lanka PLC - රු.බි. 4.47
Sampath Bank PLC - රු.බි. 7.98
Vallibel One PLC - රු.බි. 6.28
Video Story