October, 29, 2024
ඔලිම්පික් සහ පැරාලිම්පික් සඳහා නිල රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් හි කාර්යභාරයට සමගාමීව ශ්‍රීලංකාවේ වර්තමාන සහ හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් කටයුතු කර ඇත. සිව්වන වසරටත් ක්‍රියාත්මක වන මෙම කර්තව්‍යය, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහයෝගය දැක්වීමේ අලියාන්ස් හි පුළුල් ගෝලීය කැප වීමේ කොටසක් ලෙස දැක්විය හැකි අතර ඔලිම්පික් සුදුසුකම් ලැබුනු මොහොතේ ආරම්භයේ පටන් ඔවුන්ගේ ක්‍රියාකාරී මලල ක්‍රීඩා දිවියෙන් ඔබ්බටද එය ක්‍රියාත්මක වේ. ශ්‍රීලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ජාතියේ අභිමානය සහ ගෝලීය ක්‍රීඩා ප්‍රජාව වෙනුවෙන් සිදු කරන කැප වීම අගය කරනු වස් සහ ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් වඩා පුළුල් පරාසයකින් යුතු සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දෙමින් අලියාන්ස් ලංකා විසින් සිදු කරන කාර්යභාරය වැඩි දුරටත් ශක්තිමත් කිරීම සිදු කරයි. 2024 අගෝස්තු මස 31 වන දින ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ ජාතික ඔලිම්පික් ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීම සිදු විය.
2021 වසරේ සිට 2028 දක්වා ඔලිම්පික් සඳහා නිල රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් විසින් ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා පිටිය තුළ මෙන්ම ඉන් පිටතදී පවා ඔවුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම තුළින් ජයග්‍රහණය කරා ගමන් කිරීමට අවැසි රැකවරණය ලබා දීම නිරන්තරයෙන් සිදු කරනු ලබයි. මෙම සෞඛ්‍ය රක්ෂණාවරණය ශ්‍රීලාංකේය ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශ්වසනීය ස්වපාක්ෂික භූමිකාවක් සිදු කරන අලියාන්ස් හි ප්රත්යක්ෂ ප්‍රකාශයට පැමිණවීමක් ලෙස දැක්විය හැකිය. ඔලිම්පික් සඳහා අලියාන්ස් හි දායකත්වය හා එක් වීම එහි දැක්ම වන "ගෝලීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහය දැක්වීමේ උරුමය නිර්මාණය කිරීම" ආවර්ජනා කරන්නකි.
ශ්‍රීලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ සභාපතිනි ශ්‍රියාණි කුලවංශ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ "අපගේ ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අලියාන්ස් ලංකා විසින් ලබා දෙනු ලබන නොමඳ සහයෝගය වෙමුවෙන් තම ස්තුතිය පුදකරන බවය. එමෙන්ම වඩා පුළුල් කණ්ඩායම් සෞඛ්‍ය රක්ෂණාවාරණයක් ලබා දීම තුළින්, අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම උදෙසා අලියාන්ස් දක්වන හෘදයංගම කැපවීම මෙයින් පිළිබිඹු වේ. මෙම හවුල්කාරිත්වය තුළින් අපගේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පැන නගින ගැටලු පිළිබඳව වෙහෙසීමකින් තොරව ඔවුන්ගේ සිහිනයන් වෙත ළඟා වීමට අවධානය යොමු කිරීමට හැකි වනු ඇත. අලියාන්ස් හි අඛණ්ඩ සහයෝගය අපගේ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වටිනාකම් හි ප්‍රත්‍යාස්ථිතිය, කැප වීම සහ විශිෂ්ටත්වය පිළිබිඹු කරන්නකි. තවද ශ්‍රී ලාංකේය ක්‍රීඩාවන් හි ජීවගුණය නංවාලීම වෙනුවෙන් තවත් වසර ගණනාවක ඵලදායි සහයෝගිතාවක් අපි ඔබෙන් අපේක්ෂා කරන්නෙමු” යනුවෙනි.
ජාතියේ ක්‍රීඩා විරුවන් / වීරවරියන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ශ්‍රීලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලබා දුන් මෙම රැකවරණය තුලින් අලියාන්ස් සහ මලල ක්‍රීඩා ප්‍රජාව අතර බැඳීම තවත් ශක්තිමත් වනු ඇත. මෙම කර්තව්‍යය වඩාත් සුවිශේෂී වනුයේ එමගින් ඔවුන්ගේ මලල ක්‍රීඩා දිවියේදී මෙන්ම ක්‍රීඩා දිවියෙන් අනතුරුවද ඔවුන්ට අවැසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇති හැකියාවයි.
මෙම ක්‍රියාදාමය මගින් හුදෙක් ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ අතීත ජයග්‍රහණවලට ගෞරව කිරීමෙන් නොනැවතී, අනාගත ක්‍රීඩා පරපුරට තම සිහින හඹා යෑමට අවශ්‍ය මාවතද එළි පෙහෙළි කර දෙනු ඇත. ඒ වගේම එමගින් තමාගේ ආරක්ෂාව සඳහා ලොව උසස්ම රක්ෂණ සන්නාමය තමන් සමගින් සිටිනවා යන ධෛර්යයෙන් යුතුව ඔවුන්ට එම ගමන යෑමට ඉඩ හසර විවර කර දෙනු ඇත.
අලියාන්ස් රක්ෂණ සමාගම හෙවත් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යනු ජර්මනියේ මියුනිච් නගරය තම මූලස්ථානය කරගත්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර වෙත ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය සේවා සපයන්නෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි. Interbrand සහ Brand Finance විසින් “ලොව අංක 1 රක්ෂණ සන්නාමය” ලෙසද අලියාන්ස් ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇත. අලියාන්ස් හි මෙම ගෝලීය ශක්තීන් සහ ශක්තිමත් ප්රාග්ධනීකරණයද සමග එක්වූ දේශීය විශේෂඥතාවන් සහ ව්‍යාපාරික දැනුම, අලියාන්ස් ලංකා හි සාර්ථකත්වය සඳහා වන ප්‍රබල සූත්‍රය වී ඇත. විශිෂ්ටත්වයේ උරුමයක් සහ නවෝත්පාදනය සඳහා වන කැපවීමක් සමගින්, අලියාන්ස් ලංකා විසින් සිය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැංවීම සිදු කරයි.
Video Story