අලුත්ම ත්‍රීරෝද රථයක මිල ලක්ෂ 20ට ආසන්නයි

    February, 21, 2025

    ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමගම මේ වන විට මෙරට වාහන වෙළෙඳාමේ නිරත සමාගම් විසින් සිය ආනයනික මෝටර් රථ සඳහා වන මිල ගණන් ප්‍රකාශයට පත්කිරීමට උනන්දු වී තිබේ.

    ඒ අනුව මෝටර් වාහන පමණක් නොව මෙතෙක් පසුගිය වසර කිහිපයක් පුරාවටම මෙරටට ගෙන්වීම අත්හිටුවා තිබූ ත්‍රීවීල් සහ මෝටර් සයිකල් සඳහා ද ඇණවුම් භාර ගැනීමට අදාළ නියෝජිතත්වය දරනු ලබන සමාගම් මේ  වන විට කටයුතු කරමින් සිටී.

    බජාජ් ත්‍රීරෝද රථ සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතායතනය වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සමාගම පවසන පරිදි අලුත්ම බජාජ් ත්‍රීරෝද රථ සඳහා ඇණවුම් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

    ඔවුන් පවසන්නේ අලුත්ම බජාජ් ත්‍රීරෝද රථයක මිල රු. 1,995,000 ක් බවයි.