අලුත් අයිෆෝනය, iPhone 7 නොවෙයිලු

    February, 17, 2016

    ඇපල් සමාගම අලුත්ම අයිෆෝනයක් එළඹෙන මාර්තු 15 වන දින එළිදක්වන බව නිවේදනය කර සිටී.

    කෙසේ වෙතත් මෙය iPhone 7 මාදිලිය නොවන බව සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. iPhone 7 මාදිලිය මෙම වසරේ අග භාගයේ දී වෙළෙඳපොළට හඳුන්වා දීමට ඇපල් සමාගම මේ වන විට සැලසුම් කර ඇත.

    මාර්තු මාසයේ දී එළි දකින අයිෆෝනය, iPhone 5se ලෙසින් නම් කර තිබේ. මෙය අගල් 4 ක තිර ප්‍රමාණයකින් යුක්ත වන අතර විශාල තිර සඳහා අකමැති අයිෆෝන් ලෝලීන් වෙනුවෙන් විශේෂයෙන්ම මෙය නිපදවා ඇති බව සමාගම ප්‍රකාශ කර සිටී.

    iPhone 5se එළිදැක්වීමට සමගාමීව iPad Air 3 ද වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.