අලුත් ආණ්ඩුවේ ලොකුම බිල්පත් වෙන්දේසිය අද

    November, 6, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (06) දිනයේ දී රු. මිලියන 175,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි.

    දින 91 - රු. මිලියන 60,000 ක්, දින 182 - රු. මිලියන 85,000 ක් සහ දින 364 - රු. මිලියන 30,000 ක් ලෙසින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයන් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර සමස්තයක් ලෙස රු. මිලියන 300,000 ඉක්මවූ ලංසු ප්‍රමාණයක් ඊට ලැබුණු බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමණයට සමාන වන අයුරින් ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    දින 91 හා දින 182 බිල්පත් සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පදනම් අංක 2 බැගින් ඉහළ ගොස් තිබුණු අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතිකයෙහි වෙනසක් සිදුව නොතිබුණි.

    මෙය වත්මන් රජයට බලයට පැමිණීමෙන් පසු පවත්වන ලද විශාලම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය වේ.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.