අලුත් ‘පිරමීඩයක්‘ ගැන මහ බැංකුව අනතුරු අඟවයි

    November, 20, 2025

    SGO/sgomine.com”, තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගෙන තිබේ.

    පුද්ගලයන් බඳවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගිවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රමයක් “පිරමීඩ යෝජනා ක්‍රමයක්” වේ. ඉහත ලක්ෂණ ඇති යෝජනා ක්‍රමයකට කුමන අයුරකින් හෝ සම්බන්ධ වීම, අනුබලදීම හෝ පවත්වා ගෙන යාම ශ්‍රී ලංකාව තුළ නීතියෙන් දඬුවම් ලැබීමට හේතු වේ.

    ඒ අනුව එවැනි යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මූල්‍යකරණය කිරීම හෝ මෙහෙයවීම වැනි ඕනෑම ආකාරයකින් ඒවාට පහසුකම් සපයන පුද්ගලයින් දඩ මුදල් සහ සිරගත කිරීම් ඇතුළු නීතිමය දඬුවම් වලට යටත් වේ.

    මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරක් වේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පහත ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීම සිදු කළ හැක.  

    අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01

    fcrd@cbsl.lk

    0112477744

    WhatsApp - 0765780000

    ක්ෂණික ඇමතුම් අංකය - 1935

    තවද, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/ යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත.

    1. Tiens Lanka Health Care (Pvt) Ltd
    2. Best Life International (Pvt) Ltd
    3. Mark Wo International (Pvt) Ltd
    4. V M L International (Pvt) Ltd
    5. Global Lifestyle Lanka (Pvt) Ltd
    6. Fast3Cycle International (Pvt) Ltd
    7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
    8. OnmaxDT
    9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
    10. Fastwin (Pvt) Ltd
    11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
    12. Ride to Three Freedom (Pvt) Ltd
    13. Qnet/Questnet
    14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
    15. Ledger Block
    16. Isimaga International (Pvt) Ltd
    17. Beecoin App and Sunbird Foundation
    18. Windex Trading
    19. The Enrich Life (Pvt) Ltd
    20. Smart Win Entrepreneur (Pvt) Ltd
    21. Net Fore International (Pvt) Ltd./ Netrrix
    22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd