July, 13, 2016
ඇමරිකානු ඩොලර් මිලියන 133 ක ආයෝජනයකින් නව හෝටල් ව්‍යාපෘති 7 ක් සඳහා මුලපිරෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කර සිටී.
Summer Season (Pvt) Ltd, Sofia Colombo (Pvt) Ltd, The Golden Crown Hotel (Pvt) Ltd, Galle Heritage Lanka (Pvt) Ltd, Marine Drive Hotel (Pvt) Ltd, Management and Ivestment Combine (Pvt) Ltd සහ Hurihela Pathana (Pvt) Ltd මෙලෙසින් නව හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කරනු ලැබූ සමාගමේ වේ.
මේ හරහා 950 කට අධික සෘජු රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව ඇස්තමේන්තු කර තිබේ.
යුධමය වකවානුව අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන සංචාරක ව්‍යාපාරයේ පිබිදීම හමුවේ Shangri-La, Sheraton, Marriott, Grand Hyatt, Movenpick හා Onyx වැනි ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගම් මෙරට දැවැන්ත ව්‍යාපෘති සඳහා ආයෝජනයට පියවර ගැනීම තුළින් කර්මාන්තය තුළ ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙහිදී වැඩිදුරටත් කියා සිටී.