අවදානමක් ගැන IMF වෙතින් සිහිකැඳවීමක්

    August, 2, 2024

    ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් නිරත වූ අතර එම සංචාරය අවසානයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

    යෝජිත ඕනෑම ක්‍රියාමාර්ගයක් නිසා රාජ්‍ය මූල්‍ය තත්ත්වය දුර්වල වේ නම් එහි බලපෑම අවම කිරීම සඳහා වඩාත් උසස් තත්ත්වයේ හානිපූර්ණ ක්‍රියාමාර්ග ගත යුතුය.

    නව බදු නිදහස් කිරීම් වළක්වාගැනීම මගින් දූෂණ අවදානම් සහ රාජ්‍ය ආදායම් අහිමි වීම අවම වන අතරම, වඩා හොඳින් පුරෝකථනය කළ හැකි සහ විනිවිදභාවයකින් යුතු බදු ක්‍රමයක් සහතික කෙරේ.

    ඉදිරියේ දී ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය පිරිවැය මඟහරවා ගැනීම සඳහා පිරිවැය ආවරණය කළ හැකි මට්ටම්වල බලශක්ති මිල අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

    ඉලක්කකරණය වැඩි දියුණු කිරීම සහ මුදල් සංක්‍රාම ලැබෙන ජනගහනයේ ආවරණය වඩාත් පුළුල් කිරීම තුළින් දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

    ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකිය.