April, 16, 2025
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 06ක කාලය තුළ අධිවේගී මාර්ගය හරහා රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇත.
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, එම කාල සීමාන තුළ වාහන හත්ලක්ෂ අසූහත්දහසක් පමණ අධිවේගී මාර්ගය භාවිතා කර ඇති බවයි.
තව ද ඊයේ (15) දිනයේ පමණක් අධිවේගී මාර්ගය හරහා රුපියල් මිලියන 48ක ආදායමක් උපයා ඇත.
"මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය දින 6 තුළ අධිවේගී මාර්ගයේ වාහල හත්ලක්ෂ අසූහත්දහසක් ගමන් කර තිබෙනවා. එ් වගේම රුපියල් මිලියන 273ක ආදායමක් ලබලා තියනවා. ඊයේ දිනයේ පමණක් රුපියල් මිලියන 48ක ආදායමක් ලබා තිබෙනවා. අද දිනයේ අධිවේගී මාර්ගයේ ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා සියළුම කවුළු ඇර තිබෙනවා."
Video Story