අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් TVS Sport 110 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

    February, 16, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යතුරු පැදි බෙදාහරින්නකු වන TVS Lanka පුද්. සමාගම සිය නවතම TVS Sport 110 යතුරු පැදිය පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොට හඳුන්වා දෙන ලදී. ඒ සමඟින් අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත විශ්වසනීය නව යුගයක් ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දීමට TVS ලංකා හට හැකි වනු ඇත.

    ජාත්‍යන්තරව පිළිගත් මෙම නවතම TVS Sport 110 යතුරු පැදි මාදිලියේ විශේෂත්වය වන්නේ එහි ඇති විශිෂ්ඨ ඉන්ධන කාර්යක්ෂමතාවයයි. යතුරු පැදි සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මෙම නවතම යතුරු පැදිය ආකර්ෂණීය නිමාවකින් මෙන්ම ඉහළ කාර්ය සාධනයකින් යුත් නිෂ්පාදනයකි. මෙය ගමනාගමනයේ නව මානයක් සනිටුහන් කිරීමට සමත් වනු නිසැකය.

    මනා ඉන්ධන පිරිමැස්මක් සහිත 110cc Duralife එන්ජිමකින් සමන්විත TVS Sport 110 යතුරු පැදිය 100cc කාණ්ඩයේ TVS මෝටර්ස් පේටන්ට් බලපත්‍ර හිමි ET-Fi (Eco-Thrust Fuel Injection) තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇත. 15%ක වර්ධනයක් සහිත ඉන්ධන කාර්යක්ෂමතාව නිසාම ඉන්ධන ලීටරයකට කිලෝමීටර 80ක දුරක් ධාවනය කළ හැකි TVS Sport 110, 'Milage King' ලෙසද හඳුන්වනු ලබයි.

    side stand indicator, Engine cut off in side stand condition 2 ຫວ ຜ Sport 110 සමන්විත වන අතර පහසුවෙන් තිරිංග යෙදීමේ හැකියාව උදා කර දීම සඳහා වන 'synchronised braking technology' (SBT) තාක්ෂණයෙන්ද මෙය සමන්විත වේ. පසුපස ඇති හයිඩ්‍රොලික් ෂොක්ඇබ්සෝබරය (shock absorber) වැඩි බරක් ගෙන යාමේ පහසුව වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර මෙහි ඇති දිගු ආසනයද TVS Sport 110 හි තවත් විශේෂත්වයන් ලෙස පෙන්වා දිය හැකිය.

    මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ TVS Lanka පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා කියා සිටියේ "ශ්‍රී ලංකාවේ යතුරු පැදි පාරිභෝගිකයින් යතුරු පැදියක් තුලින් විශේෂයෙන් බලාපොරොත්තු වන කරුණු 2ක් තිබෙනවා. ඒ කල් පැවැත්ම සහ ඉන්ධන කාර්යක්ෂමතාවයයි. නවතම TVS Sport 110 යතුරු පැදිය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොලට හඳුන්වා දෙමින් ඔවුන්ගේ එම අවශ්‍යතාව සපුරාලීමට අපි සමත්ව සිටිනවා. මෙය හුදෙක් යතුරුපැදියකට එහා යමින් වෙහෙස මහන්සි වී වැඩ කරන වෘත්තිකයන්ට මෙන්ම යතුරු පැදියක ගුණාත්මකභාවය හා ආකර්ෂණීය බව පිළිබඳ දෙවරක් නොසිතා මනා ඉන්ධන පිරිමැස්මක් සමඟින් දෛනික ගමන් බිමන්වල යෙදීමට කදිම විසඳුමක් ලෙසත් සඳහන් කළ හැකියි” යනුවෙනි.

    ආකර්ෂණීය පෙනුමකින් යුතුව හඳුන්වා දී ඇති නවතම TVS Sport 110 යතුරු පැදිය නවතම 3D chrome logos සහ ආකර්ණීය Sporty Head Lamp එකකින්ද සමන්විත වේ. මෙය ශ්‍රී ලාංකේය මාර්ග තත්වයන්ට ගැලපෙන පරිදි පොලොව මට්ටමේ සිට 175mm ක ඉහල උසකින් ද යුක්ත වේ. තවද ET Fi එන්ජිම සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් 100cc කාණ්ඩයේ ප්‍රථම යතුරු පැදිය ලෙසද මෙය සඳහන් කළ හැකිය.

    TVS Lanka හි අලෙවියෙන් පසු සේවා සහකාර සාමාන්‍යාධිකාරී ඉන්දික පුෂ්පකුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට සුවිශේෂී යතුරුපැදියක හිමිකම ලබා දීමට අමතරව වෙළෙඳපොලේ අවම වියදමක් සහිත යතුරු පැදියක් හිමිකර දීමට අපි කැපවී කටයුතු කරනවා. මේ වන විට රට පුරා අමතර කොටස් බෙදා හැරීම සඳහා විශේෂිත මධ්‍යස්ථාන 400කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අප නියම TVS අමතර කොටස් සඳහා අඩුම මිලක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ තුලින් අපගේ පාරිභෝගිකයින් හට සුවිසල් පහසුවක් සමඟින් විශාල මූල්‍යමය ඉතිරියක් ලබා ගනිමින් තමන්ගේ එදිනෙදා ගමනාගමන කටයුතු සපුරා ගැනීමේ හැකියාව උදාවනවා." යනුවෙනි.

    මෙම නවතම දියත් කිරීමත් සමඟ TVS Sport 110 යතුරු පැදිය දිවයින පුරා විහිදී ඇති TVS Lanka හි 235 කට අධික අලෙවි ජාලය තුලින් Black Neon සහ Grey Red යන වර්ණයන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත උදා වී ඇත.

    එසේම මේ සඳහා වසර 5ක හෝ කි.මී. 76,000ක වගකීම් කාලයක් ලබා දෙනු ලබයි. තවද අලෙවියන් පසු සේවාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන TVS Lanka හි සේවා කණ්ඩායම සිය පාරිභෝගික අවශ්‍යතාවන්හිදී කඩිනම් සේවාවක් ලබා දීමට කැපවී සිටියි. මේ සියලු දේ සමඟින් මෙරට යතුරු පැදි කර්මාන්තයේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටද TVS Lanka සමත්ව ඇත.

    වැඩිදුර තොරතුරු දැන ගැනීමට ළඟම ඇති TVS ප්‍රදර්ශනාගාරයට හෝ www.tvslanka.lk වෙතපිවිසෙන්න. නැත්නම් 0114 600 500 අංකය අමතන්න.

    TVS Lanka පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා

     

    ඡායාරූප විස්තරය -  නවතම TVS Sport 110 යතුරු පැදිය