අසමසම රූප පෙළහරක් සමගින් නවතම සෝනි රූපවාහිනී තාක්ෂණය ශ්‍රී ලංකාවට

    August, 30, 2016

    මෙරට රූපවාහිනී නැරඹුම් අත්දැකීම නවතම මානයකට ගෙන ගිය ජපානයේ සෝනි සමාගම, නවතම තාක්ෂණික පෙරළියකින් යුත් තම Bravia 4K HDR Ultra HD TV රූපවාහිනී නිෂ්පාදන පෙළ ශ්‍රි ලංකේය වෙළෙඳපොළට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කළේය. මෙම අධි තාක්ෂණික රූපවාහිනී නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රධාන පෙළේ සීඩ්ල්ස් සහ සිංගර් ප්‍රදර්ශනාගාරවලදී දැන් ඔබට ලබාගත හැක.

    4K High Dynamic Range රූපවාහිනී පෙළ ඔබ මෙතෙක් අත් නොවිඳී රූපවාහිනී අත්දැකීමක් තිළිණ කරමින් සාමාන්‍ය දෑසින් දකින දර්ශන බඳු අති සුපැහැදිලි අසමසම රූප හා වර්ණ ගෙනඒමට සමත්ය. මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීම් නිසා ඉහළ රූප සංවේදීතාවයකින් යුතු චිත්‍රපට සහ අනෙකුත් වැඩසටහන් නැරඹීමේදීද වඩා උසස් රසවින්දනයකට අවස්ථාව උදාවේ.

    “සෝනි විසින් හඳුන්වාදෙන නව Bravia 4K HDR TV Android TV™ රූපවාහිනී පෙළ රූපවාහිනී නැරඹුම් අත්දැකීම ඉහළ මානයකට ඔසවා තබමින් අතිශය දියුණු රූපවාහිනී තාක්ෂණයකින් මෙන්ම අනාගත කාලීන විශිෂ්ට බාහිර නිමාවකින් යුතුව පිළිගැන්වෙනවා. HDR තාක්ෂණය නිසාතියුණු රූප රාමු වගේම වැඩි සුදීප්ත (brightness) හා අවදීප්ත (darkness) මට්ටම් ලබාගැනීමටත් ඒ හරහා නිවසේ සෑම ආසනයකදීම එක හා සමාන විශිෂ්ටත්වයෙන් යුත් රූපවාහිනී නැරඹුම් අත්දැකීමක් ලබාගැනීමටත් අවස්ථාව හිමිවෙනවා” යැයි මෙහිදී අදහස් දැක්වූ සෝනි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී ඇලෙක්ස් යී මහතා පැවසීය.

    මෙහිදී හඳුන්වා දුන් නවීන රූපවාහිනී පෙළ අතර Z9D රූපවාහිනී පෙළ, X93Dරූපවාහිනී පෙළ,4K HDR TVරූපවාහිනී පෙළ හා superior Full HD රූපවාහිනී පෙළ අන්තර්ගත විය.

    “මෙම අති නවීන රූපවාහිනී නිෂ්පාදන පෙළ බෙදාහැරීමේදී සහ අලෙවියේදී සිංගර් සහ සීඩ්ල්ස් ආයතන එකතුවී සිටීම තුළ අපේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම් සම්භාරයත් වෙළෙඳපොළ අවබෝධයත් මත විශ්වාසයෙන් යුතුව එම රූපවාහිනී මිලදී ගන්න පුළුවන්” යැයි අලෙක්ස් යී මහතා වැඩිදුරටත් පැවසීය.

    ‘Z moniker මාදිලියේ නව රූපවාහිනී පෙළ සමග රූපවාහිනී තිරයේ පවා සුවිශේෂ වෙනස්කම් රැසක් සිදුව ඇති අතර එමගින් අති තියුණු හා ස්වභාවික පෙනුමට සමාන වූ නිවැරදිම වර්ණ පිළිබිඹුවක් සහිත රූපවාහිනී දසුන් මවමින් අදාළ රූපවාහිනී වැඩසටහන් සිනමා නිර්මාණ ආදියේ උසස්ම දර්ශන ඔබ වෙත සමීප කෙරේ.

    Ultra HD හා HDR තිරවලින් යුත් මේ නව රූපවාහිනී පෙළේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ එකම අවස්ථාවේදී අඳුරැ සෙවණැලි ස්ථානයකත් දීප්තිමක් අහසකත් රූප ඉතා හොඳින් හා ගැඹුරින් දර්ශනය කරවීමේ තාක්ෂණයයි.

    මෙම රූපවාහිනී පෙළ සෝනි හඳුන්වාදෙන Slim Backlight Drive™ තාක්ෂණයෙන්ද සන්නද්ධ අතර එහිදී සිදුවන්නේ තිරය පසුපසින් නවතම සැකැස්මකින් යුතුව LED ආලෝක සැපයුමකි. මෙම තාක්ෂණය හරහා අඳුරු සහ දීප්තිමත් දසුන් වඩාත් පැහැදිලිව දර්ශනය කරන්නේ අතිශය සියුම් බාහිර නිමාවක් ද රූපවාහිනියට ලබාදෙමින් වීම විශේෂත්වයකි.

    4K Processor X1™ හඳුන්වාදී ඇත්තේ සුපිරි 4K HDR දර්ශන අත්දැකීම ලබාදෙමිනි. අති සියුම් වර්ණ රටා හඳුනාගැනීමේ තාක්ෂණයත් සමග කුමන ආලෝක පරාසයකදී වුවද අතිශය පැහැදිලි රූප දර්ශනය කරවීමට මෙම රූපවාහිනී පෙළට හැකියාව තිබේ.

    මෙම රූපවාහිනී පෙළේ නැරඹුම් අත්දැකීම තවත් විශේෂ වන්නේ සෑම කුඩා දෙයක් පිළිබඳවම ඉහළ සැළකිල්ලක් දක්වමින් නිර්මාණය කර ඇති බැවිනි. රූපවාහිනී තිරය දරා සිටින පුවරුව පවා නිර්මාණය කර ඇත්තේ එහි දැකුම්කළු පෙනුමට කිසිදු හානියක් සිදු නොවන ලෙසය. රූපවාහිනියෙන් පිටතට විහිදෙන කේබලයක් පවා රූපවාහිනී නරඹන්නන්ට බාධාවක් නොපෙනෙන පරිදි ඉදිරිපත් කර තිබීම සිත් ගන්නා සුලු ය.

    BRAVIAරූපවාහිනී පෙළෙහිඇන්ඩ්‍රොයිඩ් 6.0 මාෂ්මෙලොව් මෘදුකාංගය ඇතුළත් අතර එය ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව වඩාත් ස්මාට් ක්‍රියාකාරීත්වයක් ලබාදේ. එමෙන්ම නවතම මෘදුකාංග යාවත්කාලීන කිරීම් සමග පාරිභෝගිකයන්ට USB drive හරහා අතිරේක මතක ධාරිතාවක් ලබාගැනීමටත් අමතර රූපවාහිනී යෙදවුම් (TV applications) ඩවුන්ලෝඩ් කිරීමටත් හැකියාව තිබේ.

    මෙහිදී සමස්ත 2016 BRAVIA™ 4K HDR Android TV™ රූපවාහිනී පෙළම හඳුන්වාදුන් අතර ඊට 75 / 65 Z9D 4K HDR Android TV™, 65 / 55 X93D 4K HDR Android TV™, 75 / 65 / 55 X85D 4K HDR Android TV™, 43 X80D 4K HDR Android TV™ සහ 65 / 55 S85D Curved Screen 4K HDR Android TV™ යන රූපවාහිනී ඇතුළත් විය.

    මේ පසුබිම තුළ ලොව උසස්ම මට්ටමේ නිෂ්පාදන ලබාදීම සම්බන්ධයෙන් තමන් වෙත පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය අභිභවා යෑමට සෝනි සමාගම සමත්ව තිබේ. බිලියනයකට වැඩි වර්ණ විවිධත්වයක් මෙන්ම සුමට දර්ශන හා උසස් මට්ටමේ දීප්තතාවක් රැගත් රූපවාහිනී දසුන් පාරිභෝගිකයන්ට සමීප කරවන සුපිරි Bravia ‘Z’ රූපවාහිනී පෙළ ඊට හොඳම උදාහරණයකි.