January, 7, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53ට අත්හිටුවන ලදී.
අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත.
මූලික මහජන කොටස් නිකුතුවේ දී Wealth Trust Securities Limited සමාගමේ කොටසක් රු. 7.00 බැගින් නිකුත් කෙරුණි.
එහි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු අද ආරම්භ වූ අතර වෙළෙඳපොළ විවෘත වූ විගය පෙරවරු 9.30ට එම සමාගමේ මිලියන 6කට අධික කොටස් ප්‍රමාණයක් එකක් රු. 25,000.00 බැගින් ගනුදෙනු වූ බවට වාර්තා විය. මෙම අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර ඇත.

Video Story