December, 15, 2025
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බව ලෝක බැංකු සමූහය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරන බව ලෝක බැංකුව සමූහය කියා සිටී.
මේ අතර ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබා ගත හැකි හදිසි ආධාර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කරයි. එම අරමුදල් සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත.
මේ අතර ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) රැකියා උත්පාදනය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සැපයුම් වැනි ප්‍රධාන අංශවල උපදේශන සහාය සහ උපායමාර්ගික ආයෝජන ලබා දීමෙන් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම දිගටම කරගෙන යන බව වැඩිදුරටත් සඳහන් කර සිටී.