December, 12, 2024
Cinnamon Hotels & Resorts සහ Swiss Hotel Management Academy (SHMA) හි පුරෝගාමී මුලපිරීමක් වන Cinnamon Hospitality Academy, ආරම්භක කණ්ඩායමේ සිසුන් 43 දෙනෙකු පිළිගනිමින් නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය නැවත අර්ථකථනය කරමින්, ලෝකයේ ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක කළමනාකරණ ආයතනයක් වන Ecole hôtelière de Lausanne (EHL) මගින් ලබාදෙන Vocational Education and Training (VET) වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට මෙම හවුල්කාරිත්වය මගින් අවස්ථාවක් උදාවී ඇත.
Cinnamon Hospitality Academy ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ අනාගත ආගන්තුක සත්කාර නායකයින් සවිබල ගැන්වීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙහිදී අදහස් දැක්වූ Cinnamon Hotels & Resorts හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංශ මහතා ප්‍රකාශ කළේ, “ආගන්තුක සත්කාරයේ මීළඟ පරම්පරාව බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් ලෙස Cinnamon Hospitality Academy ආයතනය විවෘත කිරීම අපට අභිමානවත් අවස්ථාවක්. SHMA ආයතනයේ සහයෝගයෙන්, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාර කළමනාකරණ පුහුණු ආයතනයක් වන EHL හි VET ඩිප්ලෝමා පාඨමාලාව මගින් සැබෑ ලෝකයේ ප්‍රායෝගික පුහුණුව සමඟ ගෝලීය ප්රමිතීන් ඒකාබද්ධ කරන අසමසම අධ්‍යාපන අත්දැකීමක් සිසුන් හට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.
Cinnamon Hospitality Academy හි අනුගමනය කරන විෂය මාලාව Swiss Gold Standard Framework මත පදනම් වූ අතර, සූපශාස්ත්‍ර, ආහාර පාන සේවා සහ හෝටල් මෙහෙයුම් යන විශේෂිත මාර්ග තුනක් යටතේ සිසුන් හට විෂයන් හැදෑරීමට හැකි වේ. 'ඉගෙනීම, වැඩ කිරීම සහ ඉපයීම' යන ආකෘතිය අනුගමනය කරමින් VET by EHL පාඨමාලාව Cinnamon Hotels & Resorts කොළඹ හෝටල් හි දින හතරක 'රැකියා' පුහුණුව සමඟ දින දෙකක න්‍යායාත්මක හා ප්‍රායෝගික ඉගෙනීම ඒකාබද්ධ වැඩසටහනක් අනුගමනය කරයි. වසරක සේවා පළපුරුද්ද සහිත මාස 18ටක පූර්ණ වෘත්තීය ඩිප්ලෝමාව සහිත සිසූන්, ආගන්තුක සත්කාරය ක්ෂේස්ත්රයේ ගෝලීය මට්ටමේ සූදානමකින් යුතුව රැකියා ක්ෂේස්ත්රයට පිවිසෙයි.
A. Baur & Co. හි ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්යක්ෂ සහ SHMA හි අධ්යක්ෂ වැඩිදුරටත් පැවසුවේ, “මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්රමුඛ සංධිස්ථානයක් ලෙස හැදින්විය හැකිය. SHMA සහ EHL සහතික ලත් පීඨ සාමාජිකයින් විසින් මෙහෙයවන මෙම මනා ව්‍යුහගත විෂයමාලාව සහ උසස් තත්ත්වයේ පුහුණුව මඟින් සිසුන් ගෝලීය ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය කුසලතා, මානසිකත්වය සහ දැනුම සමඟ උපාධි ලබා ගැනීම සහතික කරනු ඇත. ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයේ අනාගතය යළි නිර්වචනය කරන නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ පළමු පියවර අද අපි සමරනවා.”
Cinnamon Hospitality Academy හි ගෞරවවත් ආචාර්ය මණ්ඩලය, SHMA සහ EHL විසින් සහතික ලත් ක්ෂේත්රයේ උසස් මට්ටමේ සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. චලන පෙරේරා, ඩැනියෙලා මුණසිංහ, දිනේන්ද්‍ර ජයසිංහ, නිෂාධ පෙරියප්පෙරුම, රජීව මෙන්ඩිස් සහ රමේෂ් කොස්තා වැනි කර්මාන්ත විද්වතුන්, තම වසර ගණනාවක අත්දැකීම් සහ විශේෂඥතාව මඟින් මෙහි ශිෂ්‍යයන් හට මනා පුහුණුවක් ලබා දීමට කැප වී සිටින අතර වාර්ෂික විග්රහයන් සහ නිරන්තර පුහුණුකිරීම් ලබන නිසාවෙන් මෙම පාඨමාලාව තුලින් උසස් ජාත්‍යන්තර ප්රමිතීන් පවත්වාගෙන යෑම සහතික කරයි.
EHL ආයතනයේ වෘත්තීය අධ්‍යාපන හා ප්‍රධාන පුහුණු නිලධාරී ජෙන්ස්-හෙනින් පීටර්ස් මෙසේ අදහස් ප්‍රකාශ කළේය, “VET by EHL වැඩසටහන අධ්‍යාපනය පමණක් නොව එය සැබෑ ලෝකයේ පසුබිමක් තුළ ප්‍රායෝගික අත්දැකීම් සමඟ න්‍යායික දැනුම ඒකාබද්ධ කිරීමකි. Cinnamon Hospitality Academy සහයෙන් අපගේ සිසුන් හට නිරන්තර වෙනස් වන ආගන්තුක සත්කාරක කර්මාන්තයේ සාර්ථකත්වයට අවශ්‍ය කුසලතා ලබා දීමට කටයුතු කරනු ඇත. මෙම හවුල්කාරිත්වය Cinnamon Hotels හි කාර්යමණ්ඩල අවශ්‍යතා සපුරාලීමට දායක වන අතරම, සිසුන්ට ඉහළම මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම මෙමගින් සහතික කරයි. 2025 වර්ෂය වන විට සිසුන් 200 දෙනෙකුට අවස්ථාව ලබා දිය හැකි ලෙස ආයතනය පුළුල් කිරීමට අපේ අරමුණ වේ. සාර්ථක වෘත්තීන් ගොඩනගාගැනීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රයේ වර්ධනයට ද අපි සියලුදෙනා කැපවන්නෙමු.”
මෙම සහයෝගීතා මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ,ස්විට්සර්ලන්ත අතිගරු තානාපති, ආචාර්ය සිරි වෝල්ට් මෙසේ අදහස් දැක්වීය. "මෙම හවුල්කාරිත්වය ස්විස්-ශ්‍රී ලංකා හි සබඳතා ශක්තිය පිළිබඳ සාක්ෂියක් වන අතර අධ්‍යාපනයේ සහ ආගන්තුක සත්කාරයේ විශිෂ්ටත්වය සඳහා කැපවීමද මනාව පිළිබිඹු කරයි. නිරවද්‍යතාවය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය යන ගුණාංගයන් ඇතුලත් Swiss Gold Standard Framework විෂය නිර්දේශය අනුගමනය කරමින් කරන මෙම පාඨමාලාව තුලින්, ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ පෙරලියක් වන බවට නොඅනුමානයි.
Cinnamon Hospitality Academyය ක්‍රියාත්මක වීමත් සමඟ www.cinnamonhotels.com/academy හි 2025 මාර්තු බඳවා ගැනීම සඳහා අයදුම්පත් දැන් විවෘතයි.
Cinnamon Hospitality Academy ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා පමණක් නොව, ක්ෂේත්රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ ඇතුළත් කිරීම් පෝෂණය කිරීම සඳහා පුළුල් කැපවීමක් ද පිළිබිඹු කරයි.
Video Story