ආචාරධර්ම සුරකින ව්‍යාපාරික ලොවක් උදෙසා JCI ආයතනය BIZMEET 2016 දියත් කරයි

    May, 1, 2016

    BIZMEET 2016 නමින් විශේෂ සමුළුවක් සංවිධානය කිරීමට තමන් පියවර ගෙන ඇති බව ජූනියර් චෙම්බර් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (Junior Chamber International -JCI) ආයතනය පසුගියදා නිවේදනය කළේ ය. අනාගතයේදී ව්‍යාපාරික ලෝකයට පිවිසීමට බලාපොරොත්තු වන්නන් අතර සදාචාරවත් ව්‍යාපාරික පුරුදු ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

    වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමන් ඇතුළුව කැපීපෙනෙන අමුත්තෝ රැසක් සහභාගී වූහ. වික්‍රමරත්න මහතා මෙහිදී ‘තිරසාර ආර්ථීකයක් ගොඩනැංවීම සහ ශ්‍රී ලංකාවට විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අචාරධාර්මික තීරණ ගැනීමේ වැදගත්කම‘ යන තේමාව යටතේ විශේෂ දේශනයක්ද පැවත්වී ය.

    උත්සවයේ ප්‍රධාන කථාව සිදුකරන ලද්දේ යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික නිර්ජ් දේවා මහතා විසිනි. එම කථාවේ තේමාව වූයේ ‘ව්‍යාපාරවලට අදාළ ආචාරධර්ම සම්බන්ධ ගෝලීය ප්‍රවේශයක්‘ යන්නයි.

    ජාත්‍යන්තරව පිළිගත් ලාභ නොලබන ආයතනයක් වන න‍ක‍ෂ ආයතනයේ කොළඹ දකුණ ශාඛාව විසින් BIZMEET 2016 වැඩසටහන සංවිධානය කර තිබේ. දැනට ව්‍යාපාරික ආයතනවල කළමනාකරණ තනතුරු දරන, අනාගතයේදී එම ව්‍යාපාරවලට නායකත්වය දීමට නියමිත තරුණ කළමනාකරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

    BIZMEET 2016 වැඩසටහන දැනුම සහ විනෝදය සපිරි සැසි 10 කින් සමන්විත වේ. මෙම සැසිවලදී ආචාරධර්ම සුරකින ව්‍යාපාරික පරිචයන් සහ තිරසාර සංවර්ධන ඉලක්කවල වැදගත්කම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුවනු ඇත. මේ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතුවල ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවලදී පවා නිරතුරුව ආචාරධාර්මික තීරණ ගැනීම සඳහා අවශ්‍ය පුහුණුව තරුණ ව්‍යාපාරික නායකයින්ට ලබාදීමට සංවිධායකවරු බලාපොරොත්තු වෙති.

    “අප මේ උත්සාහ කරන්නේ තම ව්‍යාපාරවල ධනාත්මක වෙනසක් ඇතිකරවීම සඳහා තරුණ ව්‍යාපාරික නායකයන් බලගැන්වීමටයි. ආචාරධාර්මික පුරුදු සම්බන්ධයෙන් රජය කරන මැදිහත්වීම්වල අගය අපට වැටහෙනවා. BIZMEET තුළින් අප උත්සාහ කරන්නේ තිරසාරත්වය වෙතට දැනුවත්ව පානැගීම සඳහා ව්‍යාපාරයන් සතු වගකීම් අවධාරණය කිරීමටයි. මෙය ඒ ව්‍යාපාර දීර්ඝ කාලයක් පැවතීමට වගේම සමස්තයක් ලෙස ජාතික ආර්ථීකයේ යහපතටත් විශාල වශයෙන් බලපානු ඇති බවට සැකයක් නැහැ.“ BIZMEET නිර්මාතෘ සහ JCI Sri Lanka හි ජාතික සභාපති ඉසුරු සමරගේ මහතා පැවසී ය.

    මෙම සමාරම්භක අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා දේශපාලන, වෙළඳ හා සන්නිවේදන කටයුතු නියෝජ්‍ය ප්‍රධානී රොෂාන් ලයිමන් මහතා, Right Business හි නිර්මාතෘ හා අධ්‍යක්ෂ ප්‍රියංග හෙට්ටිආරච්චි මහතා සහ South Asia Gateway Terminal හි ප්‍රධාන වා‚ජ නිලධාරී ටෙඩ් මුත්තයියා මහතා ඇතුළුව, මෙරට ව්‍යාපාරික හා රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රවල කැපීපෙනෙන සාමාජිකයෝ පිරිසක් සහභාගී වූහ.

    සමාරම්භක උළෙලින් පසුව BIZMEET වැඩසටහන යටතේ මසකට එක් සැසියක් බැගින් මාස 10 ක කාලයක් තුළ සැසි 10 ක් පැවැත්වෙනු ඇත. සතියේ දිනවල සන්ධ්‍යා කාලයේදී මෙම සැසි පැවැත්වීමට නියමිත වේ. ආචාරධාර්මික ව්‍යාපාරික පරිචයන්ගේ වැදගත්කම අවධාරණය කරන අතරම මෙරට අනාගත ව්‍යාපාරික නායකයන් අතර ශක්තිමත් සම්බන්ධතා ගොඩනැංවීමද මෙම වැඩසටහනේ එක් ප්‍රධාන අරමුණක් වී ඇත.

    මෙම වැඩසටහනට දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම වෙතින් පැහැදිලි නියෝජනයක් හිමිවී තිබේ. එමෙන්ම මූලික සැසි පැවැත්වීම සඳහා BIZMEET මේ වනවිට Give2SriLanka සමග අත්වැල් බැඳගෙන සිටී. අනාගතයේදී මෙම වැඩසටහනට රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් සමාජ අංශවල නියෝජනයන් ලබාගැනීම සංවිධායකවරුන්ගේ සහ ක්‍රමෝපායික හවුල්කරුවන්ගේ ඉලක්කය වී ඇත. BIZMEET තවදුරටත් පුළුල් කරමින් මෙරට ව්‍යාපාරික ලෝකයේ වැදගත් වාර්ෂික අංගයක් බවට එය පත්කිරීම එහි අරමුණයි.

    “වඩාත්ම සුදුසු දෙය වන්නේ මූලික අධ්‍යාපනයේදීම ව්‍යාපාරික ආචාරධර්ම ගැන දැනුම ලබාදීමයි. සමහර විට මේ ගැන රජය ඉදිරියේදී අවධානය යොමුකරාවි. කෙහොම වෙතත් යහපත් වෙනසක් ඇතිකිරීම සඳහා අපට ගතහැකි ක්‍රියාමාර්ග රාශියක් තිඛෙනවා. මම හිතන්නේ BIZMEET ආරම්භ කර ව්‍යාපාරවල දෙවන පෙළ කළමනාකාරීත්වය ගැන අවධානය යොමුකිරීම මගින් අපි ඒ සඳහා පැහැදිලි මාවතක් විවර කර ඇති බවයි.“ BIZMEET ව්‍යාපෘති සභාපති සහ JCI හි කොළඹ දකුණ ශාඛාවේ සභාපති නැටලී ගුණවර්ධන මහත්මිය පැවසුවා ය.

    JCI (Junior Chamber International) යනු ලාභ සඳහා නොවන ජාත්‍යන්තර සංවිධානයකි. වසර 116 කට අධික ඉතිහාසයක් සහිත එය මේ වනවිට රටවල් 116 ක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව සම්බන්ධ එහි ඉතිහාසය වසර 60 කට අධික ය.

    තම රටවල අර්ථවත් හා සාධනීය වෙනසක් ඇතිකරවීම සඳහා ජාත්‍යන්තර තරුණ නායකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණ පෙරදැරිව, බලගැන්වීම, ජාත්‍යන්තර, ප්‍රජා සහ සංවර්ධන යන කාණ්ඩ යටතේ තම වැඩසටහන් ව්‍යුහගත කිරීමට න‍ක‍ෂ ආයතනය කටයුතු කරයි. එමෙන්ම න‍ක‍ෂ යනු එක්සත් ජාතීන්ගේ ආර්ථීක හා සමාජ කවුන්සිලය මගින් උපදේශක තත්ත්වය පිරිනමා ඇති සංවිධාන කිහිපය අතරින් එකකි. පොදු ඉලක්ක ළඟා කරගැනීම සඳහා දීර්ඝකාලීන හවුල්කාරීත්වයක් සමගින් ක්‍රියාත්මක වන මෙම සංවිධාන දෙක ප්‍රජාවන්ගේ සංවර්ධනය උදෙසා කැපවී කටයුතු කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates