November, 4, 2024
විදුලිසංදේශ කර්මාන්තයේ ප්‍රවීණයකු වන ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ.
විදුලිසංදේශ ක්ෂේත්රයේ වසර ගණනාවක හසළ අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල් කිහිපයකම විදුලිසංදේශ සමාගම් හි ඉහළ තනතුරු දරා ඇත්තෙකි.
ෆිජී රජයට අයත් විදුලිසංදේශ සමාගම වන අඛණ්ඩව වසර 5කට වැඩි කාලයක් පුරාවට අලාභ ලැබූ Telcom Fiji Ltd, ආචාර්ය මොතිලාල් ගේ නායකත්වය යටතේ ලාභ ලබන සමාගමන් බවට පත්කොට එහි කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන මට්ටමට දක්වා ගෙන ඒමට සමත් වී තිබේ.
Dialog Axiata හි සමූහ ප්‍රධාන මූලෝපායික නිලධාරී සහ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී යන තනතුරු ආචාර්ය මොතිලාල් ද සිල්වා හොබවා ඇති අතර MTN Networks Pvt Ltd හි සාමාන්‍යාධිකාරී (විකුණුම්, අලෙවිකරණ සහ පාරිභෝගික සේවා), Axiata Group Malaysia හි උප සභාපති (Process Excellence හා Group Operations) සහ Lanka Communication Services Pvt Ltd හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතාගේ මෙම පත්වීම අද (04) දින සිට බලපැවැත්වෙනු ඇත.
Video Story