Breaking News -ආචාර්ය රාණි ජයමහ HNB මුල් පුටුවෙන් ඉවත් වේ. බැංකුව අළුත් සභාපති කෙනෙකු යටතට

    March, 27, 2015

    හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මිය අද පස්වරුවේ පැවති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී දැනුම් දී ඇත්තේ ඇය එම තනතුරින් ඉවත්වී විශ්‍රාම ගන්නා බවයි.

    මේ අනුව, වහාම හැටන් නැෂනල් බැංකුවේ සභාපතිධූරය සඳහා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක වන එම්.ඒ.ආර්.සී. කුරේ මහත්මිය පත්කර තිබේ.

    ආචාර්ය රාණි ජයමහ මහත්මිය මාර්තු 30 වනදා පැවැත්වීමට නියමිත බැංකුවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

    ජයමහ මහත්මිය හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය ලෙස කටයුතු කළාය.