ආචාර්ය හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සාකච්ඡාවක්

    February, 19, 2025

    රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමීව සයිබර්  ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික  කටයුතු පිලිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාගේ මුලිකත්වයෙන් සාකච්ඡාවක් ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී පැවැත්විණ.

    මෙම අවස්තාවට ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කනිෂ්ක කරුණාසේන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වුහ.