ආණ්ඩුව මේ වසරේ මුල් මාස හතර තුළ ගත් ණය මෙන්න!

    June, 18, 2015

    2015 වසරේ මුල් මාස හතර තුළදී රජය විසින් ලබාගත් ණය පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට තොරතුරු දැනුම් දී තිබේ.

    මේ අනුව, 2015 අප්‍රේල් 30 වනදායින් අවසන් වන මාස හතර තුළදී භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) වලින් රුපියල් බිලියන 311.7 ක්ද, භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් රුපියල් බිලියන 83.6 ක්ද, ශ්‍රී ලංකා සංවර්ධන බැංඳුම්කර (Sri Lanka Development Bonds) වලින් රුපියල් බිලියන 113.5 ක්ද, ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් (Central bank advances) වලින් රුපියල් බිලියන 09 ක්ද, බැංකු අයිරා (Bank overdrafts) වලින් රුපියල් බිලියන 8.2 ක්ද, ලබාගෙන තිබේ.

    මේ අනුව, මුළු දේශීය ණය ලබාගැනීම රුපියල් බිලියන 526.2 ක් වී ඇත.

    මීට අමතරව, මෙම කාල සීමාවේදී විදේශ ණය ලෙස ලබාගෙන තිබෙන ප්‍රමාණය රුපියල් බිලියන 158 ක් පමණ වේ.

    සමස්තයක් ලෙස මෙම රජය විසින් 2015 මුල් මාස හතර තුළ රුපියල් බිලියන 684.2 ක ණය ලබාගෙන තිබෙන අතර 2015 වර්ෂය සඳහා අනුමත ණය සීමාව රුපියල් බිලියන 1,780 ක් බව රජය කියයි.

    Video Story

    Stock Market

    Exchange Rates