ආදරයේ රස මුසු තැන් සමඟින් City of Dreams Sri Lanka, Nüwa හිදී ආදරවන්තයින්ගේ දිනය සමරයි

    February, 5, 2026

    සැබෑ ආදරයේ චමත්කාරය සමඟින් උදා වන ආදරවන්තයින්ගේ දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එහි සුඛෝපභෝගී සත්කාරක සේවාව වන Nüwa හිදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී ආදරවන්තයින්ගේ දින සැමරුම සියලු ආදරවන්තයින් හට අමතක නොවන අත්දැකීමක් එක් කරනු ඇත්තේ ආදරය පිරුණු රසවත් අවස්ථාවන් ඔවුන් වෙත ලබා දෙමිනි. සාම්ප්‍රදායික ආදර සැමරුම් මෙන් නොව ප්‍රණීත ආහාර පාන සමඟින් ආදරය බෙදාගත් ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ගත කිරීමේ අවස්ථාව මෙහිදී ආදරවන්තයින්ට උදා වේ.

    Nüwa හි Crystal Lounge අවකාශයේ ආදරවන්තයින් සඳහාම වෙන්වුණු ආකර්ෂණීය පරිසරයක් තුළ රිසි සේ ආහාර පාන භුක්ති විඳිමින් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට අවස්ථාව උදා වන මෙහිදී රාත්‍රී ආහාරය සඳහා බුෆේ පහසුකම් සලසා තිබීමද විශේෂත්වයකි. එපමණක් නොව ආදරය විඳිමින් කොළඹ නගරයේ රාත්‍රී සුන්දරත්වය ඉහළ සිට මනාව දැක ගැනීමේ හැකියාවද මෙහිදී උදා වනු ඇත. ආදරවන්තයින් සඳහාම වන මේ සියලු දේ සඳහා එක් පුද්ගලයකු වැය කළ යුතු වන්නේ රු.10,000ක් පමණකි.

    තමන්ගේ ජීවිතයේ සොඳුරුතම අත්දැකීමක් වන ආදර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙදෙනා අතර ආදරණීය බැඳීම එකසේ පවත්වාගෙන යාමට කැමති ආදරවන්තයින් සඳහා The Vault at Nüwa හිදී සුවිශේෂී ආදර සැමරුම සඳහා සම්බන්ධ වීමේ හැකියාවද උදා වේ. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින්, නිදහසේ තම ආදරය විඳ ගනිමින්, ප්‍රණීත ආහාර පාන රස විඳිමින් ආදරවන්තයින්ගේ දිනයේ සැබෑ ආදරය බෙදා ගැනීමට The Vault මෙහිදී අවකාශ සලසා දී තිබේ. විශේෂයෙන් නිර්මාණශීලී හා ආදරයේ සැබෑ අරුත අගය කරන ආදරවන්තයින් වෙනුවෙන්ම වෙන් වී ඇති මෙම සැමරුම සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ යුවල 10කට පමණි. ඒ නිසාම එහි විශේෂත්වය තව තවත් ඉහළ යනු නිසැකය. එක් පුද්ගලයකුට රු.15,000ක මිලකට මෙම රසවත් අත්දැකීම විඳගැනීමට හැකි වන්නේ මෙතෙක් අත්නොදුටු ආදරණීය අත්දැකීමක්ද ජීවිතයට එක් කර ගනිමිනි.

    මෙම අවස්ථාව ආදරවන්තයින්ට පමණක්ම නොවේ. ඒ අනුව පෙබරවාරි 13 වන සිකුරාදා Crystal Lounge 25 වන මහලේ සිට Nüwa හි Galentine’s හිදී ඔබගේ ළඟම මිතුරන් සමඟින් රාත්‍රී ආහාරය භුක්ති විඳීමට බුෆේ පහසුකම් සලසා දී ඇත. සවස 7.00 සිට රාත්‍රී 10.00 දක්වා, අමුත්තන්ට විශේෂයෙන් සකස් කරන ලද ප්‍රධාන කෑම වර්ග, සජීවී ඉවුම් පිහුම් ස්ථාන සහ රසවත් අතුරුපස මෙන්ම විවිධ රසැති බීම වර්ග භුක්ති විඳිය හැකිය. මේ සියලු දේ සඳහා එක් පුද්ගලයකු වැය කළ යුතු වන්නේ රු. 8,500 ක් පමණකි.

    උදා වන පෙබරවාරි 14 වන දින Nüwa හිදී පැවැත්වෙන ආදරවන්තයින්ගේ දින සැමරුම ඔබ මෙතෙක් අත් නොදුටු ආදර දින සැමරුමක් වනු නොඅනුමානය. නිදහසේ තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟින් ආදරයේ රස මුසු තැන් බෙදා හදා ගනිමින් චමත්කාර රාත්‍රියක අසිරිය විඳගන්නට පැමිණෙන ලෙස සියලු ආදරවන්තයින්ට ආරාධනා කර සිටියි.

    ආදර දින සැමරුම සඳහා ඔබේ අවස්ථාව අදම වෙන් කර ගන්න. +94 76 136 5759 අමතන්න.

    Video Story

    Stock Market

    Exchange Rates