December, 3, 2024
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.
ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024‑12‑20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී.
Video Story