ආනයන ලිහිල් කිරීමෙන් පසු Toyota පළමු වාහන තොගය ශ්‍රී ලංකාවට

    December, 18, 2024

    ශ්‍රී ලංකා රජය විසින් අදියරගතව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ගත් තීරණයෙන් පසු පළමු නවතම Toyota වාහන තොගය මෙරටට ගෙන්වා ඇති බව Toyota Lanka සමාගම පවසයි.

    රජයේ අනුමැතියෙන් පසු මාස 04ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම වාහන තොගය මෙරටට ආනයනය කිරීමට Toyota Lanka සමාගම සමත් වූ බවත් මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා මෙම වාහන ඉහළ දායකත්වයක් සපයනු ඇති බවත් මේ සම්බන්ධයෙන් Toyota Lanka සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

    එලෙස ආනයනය වාහන තොගයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.