April, 10, 2025
අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය.
එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක සුවිශාල ඉහළ යාමක් වාර්තා කළේ ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් සමඟිනි. දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P sl20 දර්ශකය ඒකක 290.94 කින් දිනය තුළ ඉහළ ගිය අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,643.63 ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂළු 6.68% ක දැවැන්ත ඉහළ යාමකි.
එසේම සෙසු දිනවලට සාපේක්ෂ ඉහළ ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර රු. බිලියන 6.97 ක් ලෙසින් එය වාර්තා වී තිබේ.
පසුගිය අප්‍රේල් 02 වන දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්තිය නිවේදනය කිරීමත් සමඟින් ඇතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ලොව පුරා කොටස් වෙළෙඳපොළ රැසක් කඩාවැටීමට ලක්විය. එදින සිට ඊයේ (09) දිනය දක්වා පමණක් 7% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි.
මේ අතර ඊයේ (09) දිනයේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය තීරණය ක්‍රියාවට නැංවීම මාස 03ක කාලයක් සඳහා අත්හිටුවනු ලබන බවට නිවේදනය කිරීමත් සමඟම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව ප්‍රමුඛතම කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
Video Story