ආපිකෝ සමාගම රිජිෆෝම් වෙළඳ නාමයේ 50 වැනි සංවත්සරය සමරයි

    February, 29, 2016

    රිජිෆෝම් සන්නාමය යටතේ පොලිස්ටයිරීන් නිෂ්පාදන නිපදවන ආර්.පී.සී. පොලිමර්ස් පුද්. සමාගම පසුගියදා සිය 50 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරී ය. ආපිකෝ සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන එය මෙරට වෙළඳපොළේ පෙරමුණේ පසුවන අතර ජාත්‍යන්තරය වෙතද ව්‍යාප්ත වී තිබේ. මෙම 50 වැනි සංවත්සර සැමරුම දිවයිනේ නන් දෙසින් පැමි‚ අලෙවි නියෝජිතයන්ගේද සහභාගීත්වය සමගින් වාද්දුව බ්ලු වෝටර්ස් හෝටලයේදී පැවැත්විණ.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සමාගමේ දේශීය නිෂ්පාදන හා ඛෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ලියනගේ මහතා අවධාරණය කළේ පසුගිය අඩ සියවස පුරාවට ශ්‍රී ලංකාවේ පොලිස්ටයිරීන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම සිටීමට ආපිකෝ රිජිෆෝම් සමත් වූ බවයි. සියලූම ස්ටයිරෝෆෝම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන් පොදුවේ රිජිෆෝම් යන නාමය භාවිතා කිරීමෙන් මෙය පැහැදිලි වේ.

    “රට තුළ අපගේ සාර්ථකත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව දැන් අපනයන ක්ෂේත්‍රය වෙතත් අපේ අවධානය යොමුවී තිඛෙනවා. එහෙත් ශ්‍රී ලාංකික වෙළඳපොළ ගැන අප දක්වන සැලකිල්ලේ වෙනසක් වන්නේ නැහැ. ඉදිරියේදී තවතවත් අලූත් සහ නිර්මාණශීලී නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීම අපේ ඉලක්කයයි. ඒ වගේම ඒවා සඳහා සම්පත් දේශීයව සපයා ගැනීම සහ දේශීයව නිෂ්පාදන කටයුතු සිදුකිරීම ඔස්සේ රටේ ආර්ථීකයට විශාල දායකත්වයක් ලබාදීමටත් අපට හැකියාව ලැබේවි. පසුගිය වසර 50 පුරාම අපට ලබාදුන් විශිෂ්ට සහයෝගය වෙනුවෙන් අපි අපගේ පාරිභෝගිකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් ඔවුන්ට විශිෂ්ට මට්ටමේ නිෂ්පාදන හා සේවාවන් තිළිණ කිරීම අපේ අරමුණයි.“ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
    “පසුගිය වසර 50 තුළදීම පොලිස්ටයිරීන් නිෂ්පාදන වෙළඳපොළේ නිතරගයෙන් පෙරමුණේ සිටින්නට අපට හැකිවුණා. සුවිශේෂී සන්නාම ක්‍රමෝපායන් භාවිතා කිරීම සහ නිෂ්පාදනවල ප්‍රමිතිය විශිෂ්ට මට්ටමක පවත්වාගැනීම ඊට හේතුවයි.“ සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ඩිල්ශාන් අබේසේකර මහතා පැවසී ය.

    ආරම්භයේ පටන්ම මෙට්ට, වතුර ටැංකි සහ අනෙකුත් රිජ්ෆෝම් නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස සිටීමට ආපිකෝ සමත් වී ඇත. එමෙන්ම දිවයින පුරා පැතිරුණු නියෝජිත හා අලෙවිසැල් ජාලය නිසා එය තවතවත් පාරිභෝගිකයන්ට සමීප වී සිටී.

    “රට පුරා සිටින අපගේ නියෝජිතයන්ගෙන් ලැබුණු විශිෂ්ට සහයෝගය හා කැපවීම නිසා අද අපට මෙවන් සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟාවීමට හැකියාව ලැබී තිඛෙනවා. මේ සැමරුම් උත්සවය අප සලකන්නේ මේ නියෝජිත පිරිසට වඩාත් සමීප වීමට වගේම ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කිරීමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙසයි. එය අපේ කණ්ඩායමටම විශාල සතුටක්.“ අලෙවි ප්‍රධානී ඩෙරික් පෙරේරා මහතා පැවසී ය.

    මේ වනවිට මාලදිවයිනේ වෙළඳපොළ තුළ පුළුල් ලෙස ව්‍යාප්ත වීමට මෙන්ම යුරෝපා රටවල්, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය වැනි රටවලටද පිවිසීමට ආපිකෝ රිජිෆෝම් සමත් වී ඇත. මෙම රටවලට මසුන්, එළවලූ සහ පලතුරු ප්‍රවාහනයේදී බහාලනු ලබන කන්ටේනර ලෙස ආපිකෝ රිජිෆෝම් ජනප්‍රිය වී තිබේ. ඒ නිසා ආපිකෝ රිජිෆෝම් යනු සැබවින්ම ජාත්‍යන්තරයට පිවිසුණු ශ්‍රී ලාංකීය සන්නාමයක් ලෙස අභිමානයෙන් හැඳින්විය හැක.

    ඡායාරූපය : පනස් වස් සැමරුම් ඵලකය කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ලියනගේ මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාව