September, 2, 2019
කොළඹ කොටස් හුවමාරුව සහ ශී‍්‍ර ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරන ආයෝජක සම්මන්ත්‍රණය 2019 සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා පෙ.ව.9ග30 සිට පෙ.ව.11.30 දක්වා තිස්සමහාරාම ‘‘ද රේන් ටී්ර හොටෙල් ’’ (The Rain Tree Hotel) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
කොටස් වෙළෙඳපොළ ආයෝජනය සඳහා කැමැත්තක් දක්වන සහ ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යාපනයක් අවශ්‍ය පාර්ශවයන්ට මෙම සම්මන්ත්‍රණයට සම්බන්ධ විය හැක. සිංහල මාධ්‍යයෙන් දේශන පවත්වන අතර පහත අන්තර්ගතයන්ගෙන් යුක්තය.
කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීම
වෙළෙඳපොළ ක්ෂේත්‍ර හා ආයොජන අවස්ථා පිළිබඳ විශ්ලේෂණය
සහභාගීවීමට හෝ වැඩි විස්තර සඳහා www.cse.lk වෙබ් අඩවියට පිවිසීමෙන්, jeewan@cse.lk වෙත ඊ මේල් පණිවුඩයක් එවීම මගින් හෝ පහත අංක ඇමතීමෙන් ලබා ගත හැක.
047 2225462-3 / 077 6631756 / 071 1393671
Video Story