ආයෝජන මණ්ඩලය නව ගිවිසුම් 46 කට අත්සන් තබයි. නව රැකියා 8000 ක්

    July, 12, 2016

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගිය ජූනි මාසයේ දී නව ආයෝජන ගිවිසුම් 46 කට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී.

    මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතිවල මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ.

    නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර ව්‍යාපෘති, හෝටල්, කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඟළුම්, අධ්‍යාපන, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ඇරඹීමට නියමිතය.

    මේ හරහා නව රැකියා අවස්ථා 8,000 කට අධික ප්‍රමාණයක් උත්පාදනය වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියා සිටී.

    මේ සඳහා වන ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ ආයෝජකයින් සමගින් පසුගිය දා අත්සන් තබනු ලැබීය.

    Video Story

    Stock Market

    Exchange Rates