ආර්ථික කටයුතු යථාවත් කිරීම සඳහා අධීක්ෂණ කමිටු 4ක්

    March, 17, 2026

    මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වීම මත කුඩා ප්‍රමාණයේ විවෘත ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයන් විවිධ බලපෑම්වලට නිරාවරණය වී ඇත.

    එබැවින්, ශ්‍රී ලංකාවට බලපාන අනපේක්ෂිත අවදානම් සම්බන්ධයෙන් කඩිනම් හා ප්‍රගතිශීලී පියවරයන් ගැනීම, වෙළෙඳපොළ තත්ත්වයන් ස්ථාවර කිරීම සහ පුරවැසියන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාම සුරක්ෂිත කිරීමට කාලෝචිත මැදිහත්වීම් කඩිනමින් සිදු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

    ඒ අනුව, ආර්ථික ආවේක්ෂණ කමිටුව සමඟ එක්ව, ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජීවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් පරිදි කමිටු 04ක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: