ආරුගම්බේ Marine Tourism Festival අගෝස්තු 07 සිට

    July, 26, 2024

    ශ්‍රී  ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල යටතේ නව කාලසටහනකට අනුව නව දින දර්ශනයක් (Event Calendar) සකස් කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි.

    තව ද ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම දින දර්ශනය මගින් ශ්‍රී ලංක‍ාවේ සෑම පළාතක්ම අවාරණය වන පරිදි විවිධ කාලයන්ට අනුව සංචාරකයින්ට සිදුකළ හැකි විවිධ ක්‍රියාකාරකම් හඳුන්වා දෙන බවත්, එමගින් ඒ ඒ ප්‍රදේශ වල පිහිටි සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සෑම ව්‍යාපාරයක් සඳහාම වසර පුරාවටම අවස්ථාවන් නිර්මාණය වන බවයි.

    චලක ගජබාහු මහතා මේ බව පවසා සිටියේ අද (26) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ 

    "අපි Event Calendar එකක් මුළු අවුරුද්දටම ඉදිරිපත් කරන්න යනවා. දැනටම ලොකු වැඩ ගොඩක් පටන් අරන් තියනවා. අපි අගෝස්තු 7, 8, 9 Marine Tourism Festival එකක් කරනවා අරුගම්බේ. Surfing, Beach Volleyball ඒ වගේ ගොඩක් ක්‍රීඩා සමඟ සංචාරකයින්ට enjoy කරන්න පුළුවන් විදිහට platform එකක් හදනවා. අපි Annual  Calendar එකක් හදනවා. හැම පාළාත්වලම ඒ සීසන් වලට අනුව. ඒ පළාතේ සීසන් එකට අනුව activities අපි ඉදිරිපත් කරනවා. සංචාරකයන්ට ඇවිල්ලා ඒවා enjoy කරලා එ experience කරන්න. එතකොට තව ඒ පැත්තේ ඉන්න ව්‍යාපාරිකයන්ටත් ඒවත් එක්ක සම්බන්ධ වෙලා කෑම ද, ඒ වගේම shopping ද,  ඒවා ටික ඔක්කොම කරගන්න පුළුවන් විදිහට අපි plan එකක් හදාගෙන යනවා."