ආලෝකා වැඩිහිටි නිවාසයෙන් තවත් සමාජ සත්කාර්යයක්

    March, 24, 2025

    ආලෝකා වැඩිහිටි නිවාසය සිය සමාජ සත්කාරක වැඩසටහන් තව දුරටත් ඉදිරියට රැගෙන යමින්  පානදුර දකුණ පොලීසි‍යේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමියගේ මැදිහත්වීමෙන් තවත් වැඩිහිටි මවකට පිහිට විය. ඒ අනුව ඇයට ආලෝකා වැඩිහිටි නිවාසයේ පිළිසරණ හිමි විය.

    ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙණට අයත් භූමි භාගයේය. මෙම වැඩිහිටි නිවාසයට අවුරුදු 13ක ඉතිහාසයක් ඇති අතර ආලෝකා මානව සංවර්ධන පදනමේ මානුෂීය හදවත් ඇති මිනිසුන්ගේ උපකාර මත පාලනය කරනු ලබයි.

    ආලෝකා මානව සංවර්ධන පදනමේ ප්‍රධාන පාලක පියල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ ආලෝකා වැඩිහිටි නිවාසයේ දැනට නේවාසිකයන් සියයක් පමණ සිටින බවත් ඉන් හතළිස් දෙනෙකු පමණ විශේෂ අවශ්‍යතා සහිත අය බවත්ය.

    පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද මානූෂීය ඉල්ලීම් නොපැකිලව ඉටු කිරීමට ආලෝකා වැඩිහිටි නිවාසය සැදී පැහැදී සිටින බව පියල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවැසීය.