ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට රජයෙන් පියවර

    January, 22, 2016

    ආසියානු කලාපීය සබඳතා වැඩිදියුණු කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඇරඹි ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ සාමිජිකත්වය විධිමත් ආකාරයෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලැබෙන ලෙස පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මෙම බැංකුව සඳහා සහයෝගය දැක්වීමට ආසියානු කලාපයේ රටවල් 37 ක් සහ කලාපීය නොවන රටවල් 20 ක් මේ වන විට එකඟ වී ඇත. මෙම බැංකුවේ අනුදත් ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් වන අතර ඉන් 75% ක් සඳහා කලාපීය රටවල් ද ඉතිරි 25% සඳහා කලාපීය නොවන රටවල් ද දායක වීමට නියමිතය.

    මෙහිදී සමාරම්භක සාමාජික රටවල් විසින් එළඹ ඇති ගිවිසුමට අනුව සෑම සාමාජික රටකටම සිට රටේ ආර්ථිකයේ ප්‍රමාණය මත පදනම්ව කොටස් ප්‍රමාණයක් හිමිවන අතර ඒ අනුව වෙන් කෙරුණු ශ්‍රී ලංකාවේ කොටස් දායකත්වය ඩොලර් මිලියන 268 කි.

    මෙම බැංකුව පිහිටුවීම සම්බන්ධයෙන් වූ එකඟතා ගිවිසුමට සාමාරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව 2015 ජූනි 29 දින චීනයේ බීජිං නුවර දී අත්සන් තබන ලදී.