ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 3 ක ණයක්

    May, 9, 2016

    මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහි ලා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වී තිබේ.

    පසුගිය දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර පැවති 49 වැනි ආසියානු සංවර්ධන බැංකු මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී මේ සඳහා වන ණය ගිවිසුම් එකඟතාවයට පැමිණ ඇත.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වෙනම ආධාර දැක්වීමට ද ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.

    ප්‍රධාන වශයෙන් මෙරට දුම්රිය මාර්ග, වරාය සංවර්ධන, විදුලිය බෙදාහැරීම් සහ මහාමාර්ග හා ප්‍රවාහන සේවා වෙනුවෙන් මෙම ණය අරමුදල් ප්‍රදානය කෙරෙනු ඇත.