April, 7, 2025
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද (07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇති බවට වාර්තා වෙයි.
Japan Nike කොටස් වෙළෙඳපොළ 6.3% ක කඩා වැටීමකට ලක්ව තිබූ අතර හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී 9.8% ක කඩා වැටීමකට ලක්ව තිබුණි.
තායිවාන කොටස් වෙළෙඳපොළ ද 9.8% ක කඩා වැටීමක් පෙන්නුම් කළේ, සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ 7% කට වැඩි පසුබෑමකට ලක්ව තිබියදීයි.
ලොවපුරා තවත් වෙළෙඳපොළ සියල්ලම පාහේ අද දිනයේ දැක්වුණේ සැලකිය යුතු පසුබෑමකි.
මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ අමෙරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවයි.
අමෙරිකානු ආනයන තවත් පුළුල් කිරීමටත් ඒවා මත පනවා ඇති බදු බිංදුව දක්වා පහත හෙලීමටත් තායිවාන ජනාධිපති විලියම් ලායි මේ වන විටත් සූදානමි බවයි වාරතා වන්නේ.
එමෙන්ම තම රටට පනවා ඇති 46%ක බදු පහත හෙලන ලෙස ඉල්ලා ට්‍රම්ප් සමඟ දැනටමත් සාකච්ඡා ඇරඹීමට වියට්නාම කමියුනිස්ට් පාලනය පියවර ගෙන ඇත.
එමෙන්ම තීරුබදු පිළිබඳ සාකච්ඡා සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අමෙරිකාව බලා ගමන් කිරීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
එය නිවේදනය කෙරුණු පසුගිය අප්‍රේල් දෙවැනිදා සිට ගෝලීය කොටස් වෙළෙඳපොළවලට ඉන් එල්ල වෙමින් පවතින්නේ
සුළුපටු බලපෑමක් නොවේ.
Video Story