February, 2, 2016
ලොව ප්‍රධාන පෙළේ ඩිජිටල්, ජංගම හා අන්තර්ජාල ගෙවීම් පියවීම් මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට දිනයේ දී මෙරටට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටි අතර හොංකොං පදනම් කරගත් PayPal ආසියානු ප්‍රධානියා මෙහිදී මුදල් අමත්‍ය රවි කරුණානායක හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහත්වරුන් හමුවවීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ebay, Alibaba වැනි ජාත්‍යන්තර ඉ-වාණිජ අවස්ථා ලංකාව තුළ ඇති කිරීමට පියවර ගන්නා බවයි.
https://www.youtube.com/watch?v=KhwS66HXM54
Video Story