December, 10, 2015
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි දෙවන විශාලතම කොටස්කරුවා වන Actis Investment Holdings SL Limited අද දිනයේ දී සිය හිමිකාරීත්වය විකුණා දමන ලදී. රුපියල් 24.00 බැගින් ආසිරි හෝල්ඩිංග්ස් හි කොටස් 371,085,695 ක් මෙහිදී ගනුදෙනු වූ අතර මෙය මිල දී ගනු ලැබූයේ Merrill Lynch Pierce Fenner & Smith TPG Growth III SF pte LTd විසිනි.
මෙම දෙපාර්ශවයම විදෙස් ආයෝජන අරමුදල් වේ.
මෙය ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි මුළු කොටස් ප්‍රාග්ධනයෙන් 27.87% කි. ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් 7,610,056,680.00 කි (බිලියන 7.6 කි).මෙම ගනුදෙනුවත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දෛනික පිරිවැටුම රුපියල් බිලියන 8 ඉක්මවනු ලැබීය.
මෙතෙක් කලක් දීර්ඝ නිද්‍රාවකට පාත්‍ර වී සිටි කොළඹ කොටස් වෙළෙඳපොළ, අද දිනයේ දී වූ මෙම දැවැන්ත ගනුදෙනුව හේතුවෙන් යළිත් වරක් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කරන ලදී.
Video Story