January, 12, 2016
ආසිරි රෝහල් සමූහය විසින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනයෙන් (International Finance Corporation) ලබා ගෙන තිබූ ණය මුදලකින් කොටසක් ගෙවා තිබෙන බව නිවේදනය කර සිටී. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ණය මුදලෙන් ඩොලර් මිලියන 12.9 ක් මෙසේ ගෙවා තිබේ.
2010 වසරේ දී මෙලෙසින් ඩොලර් මිලියන 20 ක මුදලක් ආසිරි රෝහල් සමූහය විසින් ලබා ගෙන ඇත්තේ පහත පරිදිය.
ආසිරි හෝස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී - ඩොලර් මිලියන 6.7
ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී - ඩොලර් මිලියන 1.9
සෙන්ට්‍රල් හොස්පිටල් ලිමිටඩ් - ඩොලර් මිලියන 11.4
මෙම ණය මුදලෙන් ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් විසින් ඩොලර් මිලියන 4.3 ක්ද, ආසිරි සර්ජිකල් හොස්පිටල් ඩොලර් මිලියන 1.2 ක්ද සහ සෙන්ට්‍රල් හොස්පිටල් ලිමිටඩ් ඩොලර් මිලියන 7.4 ක් පසුගිය 2015 දෙසැම්බර් මාසයේ දී බේරුම්කර තිබේ.