ඇක්සස් ගේ ණයකරේ අනුමතයි

    November, 2, 2015

    ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී විසින්, ණයකර නිකුතුවක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කර තිබූ ඉල්ලීම අනුමත කර ඇති බව අද දෙරණ BIZ වෙත වාර්තා වේ.

    මේ අනුව මූලික වශයෙන් රුපියල් බිලියන 3 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රුපියල් 100 බැගින් වූ ණයකර මිලයන 30 ක් නිකුත් කිරීමට සමාගමට අනුමැතිය හිමිව තිබේ. යමේ හෙයිකින් මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට ද සමාගම සැලසුම් කර ඇත.

    මේ අනුව රුපියල් බිලියන 5 ක් වටිනා ණයකර නිකුතුවක් දියත් කිරීමට ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී පිඹුරුපත් සකස් කර තිබේ. නොවැම්බර් 12 වැනිදා සිට මෙම ණයකර මිල දී ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමිවනු ඇත.