ඇක්සස් ණයකර නිකුතුව අදින් අවසන්

    November, 13, 2015

    ඊයේ දිනයේ (12) දී ආරම්භ කරන ලද ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි ණයකර නිකුතුව සඳහා ඉහළ අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව සමාගම පවසයි.

    රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 30,000 ක් මෙහිදී නිකුත් කිරීමට පියවර ගත් අතර එම ප්‍රමාණය සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20,000 ක් නිකුත් කිරීමට සමාගම සූදානම් වී සිටියේය. ඒ අනුව රුපියල් බිලියන 5 ක් වටිනා ණයකර ප්‍රමාණයක් නිකුත් කිරීමට සූදානම් කර තිබුණි.

    මේ අනුව ඊයේ දිනය වන විට රුපියල් බිලියන 4.4 ක් වටිනා ණයකර සඳහා අයදුම්පත් ලැබී තිබුණු බව සමාගම ප්‍රකාශ කර සිටී. මේ අනුව සිය මූලික නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී තිබෙන බව සමාගමේ අදහසයි.

    කෙසේ වෙතත් අද සවස 4.30 වන විට නිකුතුව අවසන් කිරීමට ඇක්සස් ඉංජිනියරින්ග් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. එහිදී සවස 4.30 දක්වා ලැබෙන සියලු අයදුම්පත් භාර ගන්නා බවටත් ණයකර විභජනය වන ආකාරය පසුව දැනුම් දෙන බවටත් සමාගමේ ලෙඛකාධිකාරීවරයා වන පී.ඩබ්. කෝපරේට් සෙක්‍රටේරියල් (පුද්) සමාගම සඳහන් කර සිටී.