September, 29, 2014
සංචාරක කර්මාන්තයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඇක්සස් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සියයට 80 ක සාමාන්‍ය කොටස් රුපියල් බිලියනයකට ඇක්සස් ඉංජිනියරිං පී.එල්.සී. සමාගම විසින් මිලදීගැනීමට සූදානම් වේ.
මේ අනුව, මෙම මිලදී ගැනීම ලබන ඔක්තෝම්බර් 01 වනදා සිදුකරන අතර මෙහිදී ඇක්සස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සියයට 50 ක කොටස්ද, දොන් ඩිල්ෂාන් ශ්‍රීලත් ප්‍රනාන්දු මහතාගෙන් සියයට 30 ක කොටස්ද මිලදී ගනී.
ඇක්සස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ පූර්ණ අයිතිය තිබෙන්නේ සුමල් ජෝසෆ් සංජීව පෙරේරා මහතාටයි.