November, 18, 2015
ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී, හොරයිසන් නොලේජ් සිටි (Horizon Knowledge City) ලිමිටඩ් හි 92% ක සාමාන්‍ය කොටස් අයිතිය හිමිකර ගෙන තිබේ. මේ සඳහා ආයෝජිත මුලු මුදල රුපියල් මිලියන 575 කි.
2015 සැප්තැම්බර් මාසයේ දී සංස්ථාපනය කරන ලද හොරයිසන් නොලේජ් සිටි, උසස් අධ්‍යාපන හා විශ්වවිද්‍යාල අධ්‍යාපන පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් ඇරඹි ව්‍යාපාරයකි. මේ සඳහා දැනටමත් මාලඹේ පිහිටි භූමිභාගයක් ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබේ. ආයෝජන මණ්ඩල අනුමැතිය සහිත මෙම ව්‍යාපෘතිය සඳහා වසර 8 ක බදුවිරාම කාලසීමාවක් හිමිව තිබේ.
තම ඉංජිනේරුමය හා ඉදිකිරීම් ශක්‍යතාව මැනවින් උපයෝගී කරගනිමින් දිගු කාලීන දේපළ ආයෝජනයක් ලෙසින් මෙම ව්‍යාපෘතිය පවත්වා ගෙන යාමට ඇක්සෙස් ඉංජිනියරින්ග් අදහස් කර සිටී.
Video Story