ඇතැම් තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව පිළිබඳව කනස්සල්ලෙන් – ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති

    February, 19, 2026

    ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීම සදහා කිසිඳු අවකාශයක් නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සූදානම් නමුත් ව්‍යාපෘති නොමැති බැවින් එය සිදු තළ නොහැකි බවයි.

    ඔහු ඒ බව පවසා ඇත්තේ ඊයේ (19) කොළඹ දී පැවති හමුවක් අතරතුර මාධ්‍යවේදීයෙකු විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ඇතැම් තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව පිළිබඳව කනස්සල්ලෙන් පසු වන බවයි.

    "මම දන්නා තරමට කිසිඳු රුසියානු ආයෝජනයක් නැහැ. පෞද්ගලික ආයෝජන නම් ඇති. ඒක ඔවුන්ට ආදාල දෙයක්. කොහෙද ආයෝජනය කරන්න ඕන? කිසිම ව්‍යාපෘතියක් වෙන්නේ නැහැනේ. අපි ආයෝජනයට සූදානම්. නමුත් ව්‍යාපෘති නැහැ. ඇත්තම කිව්වොත් සමහර තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව ගැන කනස්සල්ලෙන් ඉන්නේ. මෙහේ තියන යම් යම් ගැටලු නිසා ආයෝජනය කිරීම ලෙහෙසි නැහැ. කෙසේ වෙතත් කිසිම ආයෝජනයක් නැහැ. කිසිම ව්‍යාපෘතියක් නැහැ."