ඇපල් App Store වෙත දරුණු සයිබර් ප්‍රහාරයක්

    September, 21, 2015

    චීනය තුළ වෙසෙන iPhones සහ iPads භාවිතා කරන්නන් ප්‍රයෝජනයට ගන්නා ඇප් කිහිපයක තිබී හමුවූ ප්‍රශ්න සහගත වැඩසටහනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි සුප්‍රකට ඇපල් සමාගම පවසා තිබේ.

    වාර්තා වන අන්දමට ඇපල් සමාගමේ App Store වෙත ඉල්ලවී තිබෙන පළමු මහා පරිමාණයේ සයිබර් ප්‍රහාරය ලෙසින් මෙය සැලකේ.

    XcodeGhost යනුවෙන් හඳුන්වන මෙම ප්‍රශ්නකාරී වැඩසටහන මගින් මෙම සයිබර් ප්‍රහාරය එල්ලකර තිබෙන හැකරුවන්ට මෙම iPhones සහ iPads වල තිබෙන වැදගත් දත්ත ලබාගැනීමේ හැකියාව ලැබී ඇතැයි සඳහන්ය.

    මේ වනවිට, මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන ඇප් සේවා ඇපල් App Store වෙතින් ඉවත් කර තිබෙන අතර මේ මාසයේ ආරම්භයේම චීනයේ වෙසෙන සයිබර් වංචාකරුවන් විසින් ඇපල් ගිණුම් 225,000 කට වැඩි ප්‍රමාණයක ඇතුළුවීමේ නම් සහ මුරපද සොරාගෙන තිබුණි.