October, 25, 2016
ලොව ප්‍රමුඛත ම නූල් නිෂ්පාදන සමාගමක් වන ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගම පසුගිය ඔක්තෝබර් 14 වනදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NOSHE) මිශ්‍ර අංශයේ විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. තවද පසුගිය ඔක්තෝබර් 13 වන දින පැවති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ (SAPS) විශිෂ්ටතම රැකියා ස්ථාන සුරක්ෂිතතා නවෝත්පාදන සම්මානය හිමි කර ගැනීමට ද ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගම සමත් වීම විශේෂත්වයකි. ආසියානු ව්‍යාපාර සන්ධානයේ අනුග්‍රාහකත්වයෙන් ලෝක HRD කොංග්‍රසය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව එක්ව වසර දෙකකට වරක් සංවිධානය කරන ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සම්මාන උළෙල, වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය අංශයේ ප්‍රවීණ අධීක්ෂණය යටතේ සංවිධානය වෙයි. එසේම,නිෂ්පාදන විශිෂ්ටත්වය සඳහා ප්‍රමිතියක් ස්ථාපනය කිරීමේ අරමුණ පෙරදැරිව කලාපයේ විශිෂ්ට සංවිධාන සහ පුරෝගාමීන් ඇගයුමට ලක් කරන SAPS සම්මාන උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික පුරෝගාමීහු සහ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
"වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය අංශය සඳහා එකම මාසයක් තුළ කීර්තිමත් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට හැකි වීම A&E සමාගම ලද ඓතිහාසික ජයග්‍රහණයක්. මානව කුසලතා, තාක්ෂණය සහ කාර්ය ක්‍රමවේද සඳහා විශාල වශයෙන් ආයෝජනය කරමින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා ප්රමිතීන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට අප නිබඳව කටයුතු කරනවා." A&E සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ප්‍රියන්ත අලුත්වත්ත මහතා සඳහන් කළේය.
ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගම සිය තොරතුරු තාක්ෂණ විශේෂඥයන් විසින් ම නිපදවන ලද සුරක්ෂිතතා මෘදුකාංගයක් භාවිතා කරයි. සමස්ත සමාගම් සමූහයේ ම ඉහල ප්‍රතිචාර හිමි කර ගැනීමට සමත් වූ එම මෘදුකාංගය ආපදා නිරීක්ෂණය කිරීමටත් සුරක්ෂිතාවට අදාළ විවිධ කරුණු අධීක්ෂණය කිරීමටත් පහසුව සලසා දෙයි. එය A&E සමූහයේ ගෝලීය සුරක්ෂිතතා මෘදුකාංගය ලෙස භාවිතා කළ හැකි පරිදි වැඩිදියුණු කෙරෙමින් පවතී. එමෙන්ම සුරක්ෂිත වෘත්තීය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා කාර්යමණ්ඩල සේවකයන්ගේ චර්යාමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් යුතුව A&E සමූහය සුරක්ෂිතතා නිරීක්ෂණය සහ පුහුණු කිරීමේ (Safety Obsrervation and Coaching) මිනිත්තු හයක ක්‍රියාවලිය ගෝලීය වශයෙන් භාවිතා කරයි.
A&E සමාගම වසර 125 කට අධික කාලයක් තිස්සේ මෙම රෙදිපිළි ක්ෂේත්රයේ නිරතවන අතර එම සමාගම එහි භාවිත වන අති නවීන තාක්ෂණය, පුළුල් බෙදාහැරීම් මෙහෙයුම්, අඛණ්ඩ හා තිරසාර නව හඳුන්වාදීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාවය, කැප වූ නම්‍යශීලි සේවාව සහ පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන සම්බන්ධයෙන් නිරන්තර ඇගයුමට පාත්‍ර විය.
එහි ජාත්‍යන්තර ජාලය ඔස්සේ A&E සමාගමෙහි නිෂ්පාදන කටයුතු රටවල් 23 ක සිදු කෙරෙන අතර රටවල් 50 ක පිහිටි බෙදාහැරීම් මධ්‍යස්ථානයන් ඔස්සේ එහි නිෂ්පාදන රටවල් 100 කට අධික සංඛ්‍යාවක අලෙවි කෙරේ.
සේයා රූ සටහන : ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගමේ (A&E)කළමනාකාර අධ්යක්ෂ ප්‍රියන්ත අලුත්වත්ත මහතා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටතා NOSHE ලෝකඩ සම්මානය ලබා ගත් මොහොත

ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගමේ කණ්ඩායම දකුණු ආසියානු සහයෝගිතා සමුළුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ (SAPS) "විශිෂ්ටතම වෘත්තීය සුරක්ෂිතතා නවෝත්පාදන සම්මානය" අතැතිව
Video Story