ඇමරිකානු තීරුබදු ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    April, 16, 2025

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු කිසියම් ප්‍රමාණයකින් ලිහිල් කර ගැනීමට හැකි වුව ද, 25%ක් 30%ක් වැනි මට්ටමක තීරු බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම ද මෙරටට ගැටළුවක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ ඇමරිකානු නව තීරුබදු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමිණි.

    හිටපු ජනාධිපති වරයා විසින් පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ මෙම නව තීරුබදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මාස තුනක කාලයක් සඳහා කල් දමා තිබුන ද මෙයින් නිදහස් විය නොහැකි බවත්, එය ක්‍රියාත්මක වන බවත් ය.

    මේ නිසා ඉදිරියේ දී රැකියා අහිමි වීම, මෙරට ගෙවුම් ශේෂය ඉහළ යෑම නිසා ණය ගැනීම් ඉහළ යෑම වැනි විවිධ තත්ත්වයන්ට මෙරටට මුහුණ දීමට සිදු වන බව ද ඔහු පවසා සිටියේ ය.

    තව ද, මෙම තත්ත්වය හදිස්සි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගනු ලබන පියවර රටට දැනුවත් කරන ලෙස ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.