May, 11, 2015
ලොව ප්‍රකට බහු ජාතික සමාගමක් වන ඇමරිකාවේ Honeywell International සමාගමේ සභාපතිවරයා වන David M. Cote මහතා පසුගියදා ලංකාවට පැමිණ මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම පැමිණීමට පසුබිම සකස්වී තිබෙන්නේ පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ සංචාරයයි.
Honeywell International යනු ඩොලර් බිලියන 40 ක පමණ වාර්ෂික ආදායමක් සහිත දැවැන්ත බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගම වාණිජ හා පාරිභෝගික භාණ්ඩ මාලාවක් නිෂ්පාදනය කරයි.
මෙම සමූහයේ ලොව පුරා 127,000 ක් පමණ සේවය කරන අතර මොවුන් අතර ඉංජිනේරුවන් සහ සමීක්ෂණ කාර්ය මණ්ඩලය 22,000 ක් පමණ වේ.
Fortune 100 සමාගම් ලැයිස්තුවටද අයත් වන මෙම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ සහ චීනයේ මෙහෙයුම් කටයුතු කරයි.
මෙම සමාගම් සමූහය පිළිබඳව වැඩිදුර තොරතුරු පරිශීලනය කිරීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.http://en.wikipedia.org/wiki/Honeywell
Video Story