December, 8, 2016
දරුවන්ගේ සිහින නිර්මල ය; නිර්මාණශීලී ය. ඒවා ආත්මාර්ථකාමී නැත. මේ සිහින තවතවත් පෝෂණය කිරීමේ අරමුණ සමගින් මීට මාස තුනකට පමණ ‘Paint your Tub’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ඇස්ට්‍රා කටයුතු කළේ ය. මෙහිදී දරුවන්ට ඇස්ට්‍රා බඳුන් මත සිය සිහින පින්තාරු කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් එක්වූ පොඩිත්තන් අතරින් 50 දෙනෙකු අවසන් වටයට තෝරාගන්නා ලදි. එම ජයග්රහක ජයග්රාහිකාවන්ට ත්‍යාග ප්රදානය කිරීමේ අවස්ථාව මෑතකදී කොළඹදී පැවැත්වුණු අතර එහිදී ‘දරුවන්ගේ සිහින හා අදහස් සුරැුකීමේ වැදගත්කම‘ යන තේමාව යටතේ රටේ විද්වතුන් හා ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහභාගී වූ සංවාදයක්ද පැවැත්විණි. මෙම තරඟය වෙනුවෙන් තම බඳුනේම දරුවන්ගේ සිහින පින්තාරු කිරීමට ඉඩකඩ ලබාදීමට ඇස්ට්‍රා පියවර ගැනීම සුවිශේෂී සිදුවීමක් විය. මේ පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් සමාගමේ ආහාර අංශ ප්‍රධානී ශමාරා සිල්වා මහත්මිය පැවසුවේ, ‘‘දරුවන්ගේ සිහින වෙනස්. ඒ බව පසුගිය මාස කිහිපය තුළ ලැබුණු සිතුවම් වලින් අපට හොඳින් පැහැදිලි වුණා. රටටත් ලෝකයටත් වඩාත් යහපත් අනාගතයක් උදාකර දීමට නම්, දරුවන්ට සිහින දැකීමට උදවු කිරීම වගේම ඒ සිහින පසුපස ඇති නිර්මල බව සහ නිර්මාණශීලී බව ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව යුනිලීවර් සහ ඇස්ට්‍රා දැඩි සේ විශ්වාස කරනවා.”
වසර 50 කට අධික කාලයක් තිස්සේ මෙරට කාටත් හුරු පුරුදු නාමයක් බවට පත්වී ඇති ඇස්ට්‍රා පරම්පරා ගණනාවක් පුරා දැයට පිරිපුන් දරුවන් දායාද කිරීමට උපකාරී වී ඇත. සිය පනස් වස් සැමරුම වෙනුවෙන් රටේත් ලෝකයේත් යහපත උදෙසා දරුවන්ගේ සිහින විකසිත කිරීමේ මෙහෙවරක වැදගත්කම ඇස්ට්‍රා මැනැවින් වටහාගත්තේ ය.
තරඟයට ඇතුළත් වීම සඳහා දරුවන් කළ යුතු වූයේ ඇස්ට්‍රා බඳුන් වල සිතුවම් ඇඳීම සහ තම සිහින විස්තර කරමින් හා එම සිහින සැබෑවක් කරගැනීමට සිතන ආකාරය පැහැදිලි කරමින් ලිපියක් ලිවීමයි. මාස තුනක කෙටි කාලයක් තුළ මෙම තරඟය සඳහා තැපැල් මගින් නිර්මාණ 10,000 ක් පමණ සහ දිවයින පුරා පිහිටි ‘ඇස්ට්‍රා ඞී‍්‍රම් ස්ටුඩියෝ‘ මධ්‍යස්ථාන වලට නිර්මාණ 7,000 ක් පමණ ලැබිණි.
පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම මත අවසන් වටය සඳහා 50 දෙනෙකු තෝරාගන්නා ලදි. මේ අතරින් වඩාත්ම නිර්මාණශීලී සිහිනය තොරගන්නා ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ විද්වතුන් පිරිසක් විසිනි.
අවසන් වටයට තේරුණු දරු දැරියන් 50 දෙනාට එක් අයෙකුට රු. 200,000 බැගින් හිමිවූ අතර ජයග්‍රහණය දිනාගත් කාව්‍යා ප්‍රබෝදිනී දැරියට රු. 300,000 ක මුදලක් පිරිනමන ලදි. වැඩසටහනේ මූල්‍ය සහකරු ලෙස කටයුතු කළ සම්පත් බැංකුවේ ඉතුරුම් ගිණුම් වශයෙන් මෙම ත්‍යාග පිරිනැමිණි. එමෙන් ම ජයග්‍රාහී චිත්‍රය ඇස්ට්‍රා බඳුන් මත මුද්‍රණය කරමින් ලාංකීය ජනතාව අතරට රැුගෙන යන සුවිශේෂී වැඩසටහනක් නුදුරු දින වල දියත් කිරීමට ඇස්ට්‍රා බැඳී සිටී.
යහපත් හෙට දිනක් උදෙසා නිර්මාණශීලී සිහින දකිමින් එම සිහින සැබෑවක් කරගැනීමට ඇඟිලි ගණින සුවහසක් දරුදැරියන් වෙනුවෙන් අදත් හෙටත් මතුවටත් අත්වැලක් වීමට ඇස්ට්‍රා සූදානමින් සිටී.