October, 26, 2016
ශ‍්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම (Associated Motorways Ltd.- AMW) සහ ඇක්සෝනොබෙල් හි ප‍්‍රමුඛතම රථවාහන තීන්ත සන්නාමය වන Sikkens එක්වී ස්මාට් බොඩි රෙපයාර් (Smart Body Repair) නමින් විශේෂ සේවාවක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පාරිභෝගිකයන්ගේ කාර්ය බහුල ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉක්මන් සහ සුහදශීලී සේවාවක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.
පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි AMW සමාගමේ අතිනවීන පහසුකම් සහිත කර්මාන්තශාලාවේ සිට මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු ක‍්‍රියාත්මක වේ. පර්ල් වර්ණ ඇතුළුව සියලූම වර්ණයේ වාහන පින්තාරු පැය 4 ක් හෝ ඊට අඩු කාලයක් තුළ උසස්ම ප‍්‍රමිතියෙන් යුතුව ඉටුකරලීම මෙම සේවාවේ ඉලක්කය වී ඇත. AMW සමාගම සතු නවීන යන්ත‍්‍රසූත‍්‍ර භාවිතා කරමින්, මනාව පුහුණුව ලත් පින්තාරු කාර්මිකයන් විසින් ලබාදෙනු ලබන මෙම සේවාව මගින් තරගකාරී මිලගණන් යටතේ සියලූම ආකාරයේ වාහන පින්තාරු සේවාවන් පිරිනැමේ.
නවීන Sikkens නිෂ්පාදනවල ඇති විශේෂ ගුණාංග නිසා ස්මාට් බොඩි රෙපයාර් ඔස්සේ අධිවේගී සේවාවක් සහනදායී මිලකට ලබාදීමට AMW සමාගමට හැකියාව ලැබී ඇත. මෙසේ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා Sikkens Autosurfacer Rapid ෆිලර් වර්ගය සහ Sikkens Auto Clear Rapid නිෂ්පාදනය භාවිතා කෙරේ. Sikkens Autosurfacer Rapid යනු විනාඩි 20 ත් 30 ත් අතර කාලයකදී වියළෙන සහ උසස් ප‍්‍රමිතියක් ලබාදෙන ෆිලර් වර්ගයක් වන අතර Sikkens Auto Clear Rapid යනු පැයක කාලයක් තුළ යෙදීමෙන් දිගුකල් පවතින, උසස්ම මට්ටමේ නිමාවක් ලබාදෙන පෙරළිකාරී නිෂ්පාදනයකි.
AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවියෙන් පසු සේවා) සදාත් නිසාර් මහතා පැවසුවේ මේ ආකාරයට ඇක්සෝනොබෙල් සමාගම සමග අත්වැල් බැඳගෙන පාරිභෝගිකයන්ට වේගවත් සේවාවක් ලබාදීමට හැකිවීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බවයි. ”මේ නිසා අපට ප‍්‍රථම වතාවට අඩු කාලසීමාවකින් වඩාත් උසස් සේවාවක් අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. ඉදිරියේදී මෙය ක්ෂේත‍්‍රයේ කවුරුත් ආදර්ශයට ගනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. ඒ වගේම මෙම සේවාව දිගින් දිගටම දියුණු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ස්මාට් බොඩි රෙපයාර් සේවාව දැන් පාරිභෝගිකයන් සඳහා විවෘතයි. AMW වෙතින් කලින් වේලාවක් වෙන්කරවාගෙන මෙම සේවාව ලබාගැනීමට පැමිණෙන මෙන් අපි පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
AMW සමාගම ලබාදෙන මෙම සේවාව හා සම්බන්ධ වීමට ලැබීමට අපට විශාල සතුටක්. වාහන බඳ අලූත්වැඩියා මධ්‍යස්ථානයක් සාර්ථක වන්නේ, පාරිභෝගිකයන් සිය රථවාහන ඉතාමත් ඉක්මනින් ආපසු ලබාගැනීමට කැමති බව අවබෝධ කරගෙන ඒ අනුව සේවාවන් ලබාදුන් විටයි. මේ ආකාරයේ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය නිෂ්පාදන, පුහුණුව හා සහයෝගය ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.” ඇක්සෝනොබෙල් ශ‍්‍රී ලංකා සමාගමේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඩිල්ශාන් තරංග මහතා පැවසී ය.
ඇක්සෝනොබෙල් යනු ප‍්‍රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් වන අතර විශේෂ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය අතින්ද පෙරමුණේ පසුවන සමාගමකි. දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් සමගින් අපි වර්තමාන ලෝකයේ පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන නිර්මාණශීලී නිෂ්පාදන හා තිරසාර තාක්ෂණයන් තිළිණ කරන්නෙමු. අපගේ ප‍්‍රධාන කාර්යාලය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටා ඇති අතර ලොව රටවල් 80 ක විසිරී සිටින අපගේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් 45,000 කගෙන් පමණ සමන්විත වේ. අපගේ සුප‍්‍රකට සන්නාම අතරට Dulux, Sikkens, International, Interpon සහ Eka වැනි සන්නාම ඇතුළත් වී ඇත. තිරාසරත්වය අතින් නිරතුරුව මුල් පෙළේ සමාගමක් ලෙස ඇගයීමට ලක්වන අපි ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් ජීවිත සහ වටාපිටාවන් තිළිණ කර දීමට කැපවී කටයුතු කරන්නෙමු.
Video Story