ඉංජිනේරු සංස්ථාව භාණ්ඩාගාරයෙන් ණය ඉල්ලයි

    July, 29, 2016

    කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මහා භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා තිබේ.

    මේ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් පවරනු ලැබ ඇති අතර එම කටයුතු ඉටු කිරීම සඳහා සංස්ථාව වෙත අවශ්‍ය කාරක ප්‍රාග්ධන සපුරා ගැනීම සඳහා මෙලෙස ණය ගැනීමට පියවර ගෙන තිබේ.