ඉඩම් ගනුදෙනුවකින් ජනශක්තිට මිලියන 940 ක ලාභයක්

    February, 1, 2016

    ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම විසින් කොළඹ 02, ස්ටේපල් වීදියේ තිබූ ඉහළ වාණිජ වටිනාකමකින් යුතු දේපළක් සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම වෙත අලෙවි කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කර තිබෙන අතර මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.93 ක් වේ.

    මෙම වටිනාකමින් 50% ක් අත්තිකාරමක් ලෙසින් රුපියල් මිලියන 965.3 ක මුදලක් සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් සමාගම පසුගිය දෙසැම්බර් 23 වන දින ගෙවා තිබේ.

    මෙම ගනුදෙනුව හරහා ජනශක්ති ඉන්ෂුවරන්ස් උපයා ඇති ලාභය රුපියල් මිලියන 940 කි.

    අදළ භූමිභාගය තුළ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිත බව වාර්තා වේ.

    Video Story

    Stock Market

    Exchange Rates