ඉඩම් බැංකුවකට කැබිනට් අනුමැතිය

    February, 2, 2017

    අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන නියමිත කාල රාමු තුළ ඉටු වන බව සහතික කරගනිමින්, මෙම ව්‍යාපෘතිය වෙත ජාතික ප්‍රමුඛතාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්) පිහිටුවීමටත්, එම කාර්ය ඒකකය වෙත වෙන් කර දෙනු ලබන සියලුම් ඉඩම් සඳහා 'ඉඩම් බැංකුවක්' ස්ථාපිත කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ නිවාස 620,000ක් 2019 වසර වන විට ඉදි කිරීමට අපේක්ෂිතය.